
(අංජුල මහික වීරරත්න)
මේ මොහොතේ ඉන්දියාව සහ ලංකාව අතර සබඳතා තවත් ශක්තිමත් කර ගැනීම සඳහා 2023 සහ 2024 වසරවල එළඹුණු ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ නිවේදන අනුව ක්‍රියා කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් කරමින් පැවසීය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවට පැමිණෙන මොහොතේ ව්‍යාපෘති දෙන්නේ නෑ ආදී කතන්දර කිව යුතු නැති බවද හිටපු ජනාධිපතිවරයා කීය.
කොළඹ දී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද සඳහන් කළේය.
2023-2024 සමයේ දී අපේ ආණ්ඩුව පුනර්ජනනීය බල ශක්තිය පිළිබඳ යෝජනා ගණනාවක් අනුමත කළා. අප ඒ වැඩ කටයුත්ත කළේ මේ රටට එම බලශක්තිය වුවමනා වූ නිසයි. එම විදේශ ආයෝජන සමඟ රටේ අලුත් ආයෝජන ඇති කිරීමට ඒ බලශක්ති යෝජනා ක්‍රම සඳහා විදේශ ආයෝජන ලැබුණා. ඩොලර් බිලියන දෙකක් හෝ දෙක හමාරක පමණ ව්‍යාපෘති අප ඒ අනුව අනුමත කළා.
මෙම ව්‍යාපෘති අනුමත කරන අවස්ථාවේ දී එක් එක් ව්‍යාපෘති වෙනුවෙන් කමිටුවලින් මිල නම් කළා.ඊට හේතු ගණනාවක් තිබෙනවා. මේ වැඩ කටයුත්ත කළේ ඒ කාරණා සියල්ල සලකා බැලීමෙන් පසුවයි යනුවෙන් ද හිටපු ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන් 47 වසරක් දේසපාලනේ කරලා කියපු කරපුවා අපි නොදන්නවා නෙවෙයි. වැල් පාලමේ ගිහින් ගොඩ යන්ඩ 2048 වෙනකම් බලාගෙන ඉන්ඩ වෙයි..
පිනා කමිෂන් එකක් අරන් තියනව වගේ මෝදි ගෙන් හරි අදානිගෙන් හරි ,පුදුම කරදරයක් මේක
ඇයි මෙයා.... 90ගෙන් උපදෙස් ගත්ත කෙනා ආණ්ඩුවට උපදෙස් දෙනව... පව් බන් මේ යකා.. කියපල්ලකො මේකට දැන් පිං ජනාධිපති නෙවෙයි කියල....
මෙයා මේ කියන්නේ කෙළවෙලා තියෙන රටට තවත් කොපමණ කෙළවුණත්, මෙයාගේ කාලේ කොමිස් ගහලා අනුමත කරපු ව්‍යාපෘති එහෙම්මම කරගෙන යන්න කියලා...
රට කාලා කාලා තාමත් කියවනවා, ඔයාට බැහැනේ. කට පියගෙන හිටිනම් වටිනවා
අදානිගේ සමාගමෙන් වැඩේ කර ගත්තත් නොගත්තත් ජනාධිපති ඒ කරපු ප්‍රකාශය අනවශ්‍ය එකක්. මෝදි බල කළොත් අපිට ඕක කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ. ඇඟේ පතේ හයියෙන් රාජ්‍යත්‍රාන්තික වැඩ කරන්න බෑ. අපිට ඒක එපා නම් උපක්‍රමිකව ඕනේ ඒක නවත්තගන්න. අපි ඉන්දියාව තරහ කරගෙන හොඳට "පරිප්පු." කාලා තියෙන රටක්. මතක නැත්තන් යුක්‍රේන රුසියා සම්බන්ධය ගැන බලන්න පුළුවන්.
ඔබගේ දැක්ම සහ බහුතර ශ්‍රී ලාංකීය ජහමනයින්ගේ දැක්ම අහසට පොලොව මෙනි. "ඉට් ටේක්ස් ටූ ටු ටැංගෝ" කීව සේ ඔබට තේරෙන දේ සහ අපේ උන්දලාට තේරෙන දේ නොගැලපේ. ඒ ගැන කදිමට අවබෝධ කර ගැනීමට මාලිමා සේදුම් බලකායේ කොමෙන්ටු කියවීම වුව සෑහේ. මියන්මාරයට වූ ස්වාභාවික ආපදාවේ දී මේ ආණ්ඩුව හැසිරුණු අත දරු විලාසයත්, මෝදී "කළමනාකරණය" පිලිබඳ ඔවුන් දක්වන ආධුනික සහ මරි මෝඩ දැක්මත් විහිළුසහගත ය. මේ උද්දච්ච කුක්කුච්ච ආණ්ඩුවට යුතුකම් හෝ කළ යුත්ත කියා දීම කාලය අපතේ හැරීමකි. අනුර ප්‍රමුඛ මාලිමාවන් කාලයක් පුරා ඉතා ලඟින් ඇසුරු කර ඇති නිසා ඔබතුමා ඒ ගැන හොදින් දන්නවා ඇති.
බටලන්ද වධකාගාරවල තරුණ දරැවන්ට වද හිංසාවට පත්කරල ගාතනය කරපු හැටි බටලන්ද කොමිසන් වාර්තාවෙන් පාර්ලිමේන්තුවේදී ඔප්පු වුනාම මෙයාට හිරේ විලත්ගුවෙ තමයි ලගින්න වෙන්නෙ.
පිනට ජනාධිපති වේලා දැන් එනවා මුදුන වෙන්න..,එයා හිතන්නේ එයා කරපු හැමදේම හරි කියලා
මමත් ප්‍රකාශයක් නිකුත් කරන්න ඉන්නේ. ඔයයි මමයි දෙන්නම එකයි නේ දැන්.
කියන විදියට කරන්න. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු විය හැක. මාලිමා කුක්කන්ට නොතේරුනාට අනුරට මේක තේරෙනවා.
තමුන්ටවත් හරියට වැඩක් කරගන්න බැරුව උපදේශකයෝ රොත්තක්ම පත්කරලා, ජනතා බදු මුදල් කාබාසිනියා කෙරුවා. තමුන්ගේ උපදෙස් වලින් නම් වැඩක් වෙන එකක් නැහැ.
තමන්‍ට බලය තිබුණා නේද? ඉලන්දාරි වයසේ ඉඳන් මොනවද නාකියෝ රටට ජනතාවට කෙරුවේ අඩුම ගානේ. එක වැසිකිලියක් හෝ රෝහලක් හැදුවාද? කජු කකා රට සවාරි යමින් මොන්ගල් නාකි නඩේට සුර සැප දුන්නා. එක දුප්පත් මනුස්සයෙක් දිහා ඇහැක් ඇරලා බැලුවාද? මෝදී එක්ක කතාකරන විදිය ගිවිසුම් ගහන විදිය අනුරට උගන්වන්න. තමුන් ඒ පක්ශේ නෙමේනේ. ඒ පක්ශෙට. අපේ රට දුප්පත්. ඒ වුණාට වැඩිපොලියට ණයට වැඩ ණයට මුදල් ගන්නේ නැහැ. කොන්ද නමන්න අවශ්‍යත් නැහැ. ඔබලා කොන්ද නමන්... සැලියුට් ගහලා වැඩි පොලියට ගියේ. ඒ මුදල් නුඹලාගේ පොකට් එකට යන නිසා. ගෙවන්නේ ජනතාව... මාලිමාවේ කිසිකෙනකුගේ බොක්ක වේලෙන්නේ නැහැ. පපුව කුණුවෙලත් නැහැ පගා කොමිස් නැහැ. රට බන්කොලොත් කරපු අයගෙන්... උපදෙස් අවශ්‍යත් නැහැ. අනුර කුමාර තරුණ නායකයෙක්. තමුන්ට වැඩිය උගත්කමින් මනුස්සකමින් පොහොසත්. තමුන් ලැජ්ජ වෙන්න. කොන්ඩේ ඉදෙනකම් නායකකම් දැරුවා. රටින් භාගයක් විකුණලයි හොරාකාලයි තමයි. රට බාරදීලා අන්ත පරාජයක් ලබලා ගෙදර ගියේ...!
බටලන්ද විවාදය ළගම එනවා….
මූට පුදුම අමාරුවක් නේ තියෙන්නෙ..රජයට උපදෙස් දෙන්න
මේකට වලිප්පුවද බන්
කලබල වෙන්න එපා රටේ ජිවන වියදම සහ නිෂ්පාදන වියදම අඩුකර රට ආර්ථිකව ශක්තිමත් කරගන්න නම් ඉන්දියාව සමග පමණක් නොව සාර්ක් කලාපයේ අනෙක් රටවල් සමගත් යුරෝපා සංගමයේ රටවල් එකිනෙක අතර ක්‍රියාත්මක කරන ආකාරයට නිදහස් වෙළද ගිවිසුම් අත්සන් කලයුතුය , සංචාරක කරමාන්ත සහ අපනයන ශක්තිමත් කරගන්න එවිට අපට හැකිවේවි , මෙම ගිවිසුම් ඉන්දියාවට පමණක් හෝ ඉන්දියාවේ එක සමාගමකට පමණක් හෝ අත්සන් කිරීම අපට අවාසි සහගතය , තරගකාරිත්වයක් ඇතිකරගන්න නම් ඉන්දියාවේපමණක් නොවේ කලාපයේ වෙනත් රටවල ආයෝජකයෝත් ගෙන්න ගන්න ඕනේ , අපේ සමාගම් වලටත් ඉන්දියාවේ ආයෝජන කරන්න පුළුවන් විදිහට සම ඓතිවාසි කම් ගිවිසුම් වල තිබෙන්න ඕනේ
යකෝ මූ අමු පිස්සෙක්නේ. මු තවම හිතාගෙන ඉන්නේ මූ තමයි රටේ ජනාධිපති කියලා. අපේ වාසනාවකට මේකා පැරදුනා බලු විදිහට. නාකි බල්ලෝ උඹගේ උපදෙස් අවශ්‍ය නැහැ අලුත් ආණ්ඩුවට. හිරේ යන්න ලැහැස්තිවෙලා ඉඳපන්.