
(නිමල කොඩිතුවක්කු)
ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඉන්දියානු සාගරයේ භූ දේශශපාලන ගැටුම් වලට මැදිහත් නොවී රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින් කලාපීයය සාමය ආරක්ෂා කිරීමට නොබැඳි පිළිවතක් අනුගමනය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය.
COMMENTS
ඇත්තටමද?
ආවොත් ශූ.. ශූ.. ගානවාද?
එතකොට, මෝදි අමතලා ඉන්දියාව සමග ලංකා ආණ්ඩුව ඉන්නවා කියලා කිව්වේ කවුද?
අපට රටවල් දෙක සමගම හොඳ සම්බන්ධකම් තිබෙනවා. දැන් කළ යුත්තේ රටවල් දෙකටම දූත පිරිසක් යවලා, සාමයට ආරාධනා කරන එක සහ අවශ්‍ය නම් රටවල් දෙකට ලංකාවේ සාම සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කිරීම, මේ යුද්ධය අපේ රටට ඍජුවම බලපානවා.. කරුණාකර ඔය වැනි මෝඩ කතා නවත්වන්න ඉන්දියාව හෝ පාකිස්තානේ අපේ මුහුදට හෝ අහසට අවොත් ඒවා නතර කරන්න අපට හැකියාවක් නැත, අපේ ගුවන් හමුදාවේ තිබෙන යානා යුධයක් නැතුවම, පුහුණු අභ්‍යාස වලදීම කඩා වැටෙනවා...
ඉන්දියාව එකක ආරක්ෂක ගිවිසුම් ගහලා ඉවරයි... දැන් මුකුත් කියන්න බැරිය...