IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ඉන්දීය අගමැති විපක්ෂ නායක හමුවෙයි

 

(නිමල කොඩිතුවක්කු)

මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද (5) කොළඹ දී සිදුවිය.

එහි දී දෙපාර්ශ්වය අතර සමාජ, දේශපාලන හා ආර්ථික වශයෙන් වැදගත් කරුණු රැසක් හුවමාරු කර ගැනීමට කටයුතු කලේය.

එසේම අප රට බංකොලොත් වූ අවස්ථාවේ තනි රටක් ලෙස අප රටට වැඩිම ආධාර ලබා දී උදව් කළේ ඉන්දීයාව බවත් ඒ අවස්ථාවේ දී රටට සවියක් වීමට ඉන්දීය රජය ලබා දුන් සහයෝගය ඉතා අගය කරන බවත් ඒ වෙනුවෙන් සිය ස්තූතිය ඉන්දීය රජයටත් ඉන්දීය ජනතාවටත් පුද කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

එමෙන්ම ඉන්දිය ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් පදනමක් ලෙස පවත්වාගෙන දෙරටේ ආර්ථික සමාජීය දේශපාලන ඉලක්ක සම්පූර්ණ කර ගෙන සෛරිත්වය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂා කර ගැනීමට කැපවන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (6)

ඉන්දීය අගමැති විපක්ෂ නායක හමුවෙයි

Shantha Saturday, 05 April 2025 08:30 PM

දැන්වත් අඬන්නේ නැතිව ඉන්න

:       0       0

ටයර්දාස පුත්‍ර Saturday, 05 April 2025 09:11 PM

ආපහු ගමනට ප්ලෙන් ඕන්නෑ මෙතුමාගේ ඉංග්‍රීසි ඇහුවට පස්සේ.

:       0       0

ජිල්බු Sunday, 06 April 2025 07:10 AM

මම තාම කල්පනා කරනවා මේ සජිත් මහත්තයා උස කෙනෙක්ද? මිටි කෙනෙක්ද? කියලා...!

:       0       3

ලූට මූස්Sunday, 06 April 2025 08:38 PM

ජිල්බු අයියා.., මට හිතෙන්නේ මෝදි ගොයියා පුතාණෝට සිකුරිටි ජොබ් එකක් දෙයි කියලා...!

:       0       2

kamal Koyrala Sunday, 06 April 2025 05:04 PM

බොහොම හොඳයි... ගිවිසුම් ගැන අහගත්තනේ... විමලෙටයි, පෙරෙටුවන්ටයි කියා දෙන්න පැහැදිලි කරගත්තුවා.... පින්තූර දීලා විතරක් මදි...

:       2       1

කෂි කුෂි බෂි කුෂෝ Sunday, 06 April 2025 08:08 PM

මල හත්තිලව්වයි, අන්න මෝදි ගොයියා ඉංදියාවට ගිය වෙලේ ඉඳන් ජපන් බාසාවෙන් කතාකරනවාලු…!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 12 0

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 235 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක දැරියන් දෙදෙනකු ගිලි මරුට
2025 මැයි මස 13 537 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 390 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 2097 3

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 547 1

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1270 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1534 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site