
(නිමල කොඩිතුවක්කු)
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අදහස් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹ දී පැවසීය.
මෙයට අමතරව ඉන්දීය අගමැතිවරයා සහ මෙරට ජනාධිපති සමඟ ද්විපාර්ශවික සාකච්ඡා ඇතුලු වැඩසටහන් රැසක් මෙම සංචාරය අතරතුර සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේද කීවේය.
“ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හෙට(04) වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි. 05 වැනිදා සහ 06 වැනිදා යොදාගත් විශේෂ වැඩසටහන් තිබෙනවා. අප්‍රේල් 05 වැනිදා උදෑසන නිදහස් චතුරස්‍රයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීම සිදුවෙනවා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඉන්පසු ඉන්දීය අගමැතිවරයාත් අපේ ජනාධිපතිවරයාත් ඒ සම්බන්ධයෙන් මාධ්‍යවලට විශේෂ ප්‍රකාශ නිකුත් කිරීමට නියමිතයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සනයි අගේන් ඉන්දියනු ව්‍යාප්තවාදය එක්ක ඉන්න විදිහ
මොන දිවිපාර්ශිකද…? ඔක්කොම ත්‍රයි පාර්ශික LTTE ඩයස්පෝරා කාරයෝත් ඉන්නවා ආන්ඩුවේ හවුල් කාරයෝ ලෙස…. ඔක්කොම LTTE ඩයස්පෝරා උන් කියන දේවල් මේ ද්‍රෝහීඑ ආන්ඩුව කරන්නේ…. අපිට රටක් නෑ කියලා හිතා ගම්මු….. ABBA අහ අහ මව්බිම නෑතිනම් මරනය කරපු උන්නේ…
පුනරුද දවස අප්‍රේල් 01 සමරලා අපට කියන දේවල් තමා!
ගිවිසුම් ගැසීම ඉතාමත් හොඳයි, අපට දියුණු විය හැක. බොහෝ ගිවිසුම් ක්‍රියාත්මක නොවීමට හේතු: Feasibility study නොකිරීම හොඳින් සැලසුම් නොකිරීම වැදගත්ම දේ වන Monitor සහ Control නොකිරීම මේවා හරිහැටි කළහොත් සාර්ථක කරගන්න පුළුවන්.
රටේ ජිවන වියදම සහ නිෂ්පාදන වියදම අඩුකර රට ආර්ථිකව ශක්තිමත් කරගන්න නම් ඉන්දියාව සමග පමණක් නොව සාර්ක් කලාපයේ අනෙක් රටවල් සමගත් යුරෝපා සංගමයේ රටවල් ක්‍රියාත්මක කරන ආකාරයට නිදහස් වෙළද ගිවිසුම් අත්සන් කලයුතුය , සංචාරක කරමාන්ත සහ අපනයන ශක්තිමත් කරගන්න එවිට අපට හැකිවේවි ,
කියපු දේවල් සහ කරන දේවල් අතර ලොකු පරතරයක් තියෙනවා නේද?? අවුරුදු ගණනකට කලින් මේ දේවල් කරන්න යනකොට මේ කට්ටියම මහපරිමාණයෙන් පැවති ආණ්ඩුවේ කකුළෙන් ඇද්දා නේද?? කවුද ඇත්තටම ලංකාව වලපල්ලට තල්ලු කලේ ?? හිතන්න මොහොතක්.
හරමානිස් මාලිමාව චන්දෙට කලින් කියපු දේවල් කරන්න ගියානම් අපි ඉන්නේ මේ අවස්ථාව වෙනකොට විශාල ආර්ථික අර්බුධයක , මේ විදිය හොඳය , නමුත් මාලිමාව ඉදිරි චන්ද වලදී කරන්න පුළුවන් දේවල් පමණක් ජනතාවට කියන්න එවිට අනවශ්‍ය ප්‍රශ්න පසුව ඇතිවෙන්නේ නැහැ
මේ වගේ පුස් තක්කඩියෙක් ඉන්නවා අපේ ගමේ
පරණ ජෙප්පො වලෙන් නැගිටල ඇවිත් මෙයාට ගහනව මේව දැක්කොත්.මුංගෙ පස්සෙ ගිය 50000 ක් තරුණයො නිකරුනේ නැහුන.
මූනේ මාර ඕපා දූප ගතියක් තියෙන්නේ. පච වැක්කෙරෙනවා