IMG-LOGO

ඉන්දියාව පරද්දනවා: පාකිස්තාන අගමැති කියයි

ඉන්දියාව අභිබවා යමින්, පාකිස්තාන දියුණුවෙන් දියුණුවට පත් කිරීමට තමන් ප්‍රතිඥා දෙන බවත්, එසේ කිරීමට අපොහොසත් වන්නේ නම්, තමන්ගේ නම ෂෙහ්බාස් ෂරීෆ් නොවන බවත්, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පුරසාරම් දොඩා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, දේශපාලන වේදිකාවේ පුරසාරම් දොඩන සහ අතිශෝක්තියෙන් කතා කරන චරිතයක් බවත් ද පෙන්වා දෙමින්, ඉන්දීය මාධ්‍ය මෙම පුවත වාර්තා කර තිබේ. ෂෙහ්බාස් ෂරීෆ් යනු හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ බාල සොහොයුරාය.

‘දෙවියන් වහන්සේ සැමවිටම පාකිස්තානය සමඟ ඉන්නවා. අපි දිවා රෑ නොබලා වෙහෙසෙනවා. පාකිස්තානයේ පවතින තත්ත්වය අපි වෙනස් කරනවා. ඉන්දියාව පරාජය කරන්න අපට හැකිවෙනවා’ යැයි අග්‍රාමාත්‍ය ෂරීෆ් කෑ කෝ ගසා ඇත්තේ පන්ජාබ් ප්‍රාන්තයේ පැවැති ජන රැළියක් අමතමිනි. 

පාකිස්තානය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකින් පීඩා විඳිමින් සිටින අතර, අන්තර් ජාතික මූල්‍ය අරමුදලින් පාකිස්තානයට ණය ආධාර ලැබෙයි. පාකිස්තාන වැසියන් ජීවත් වන්නේ දැඩි අසීරුතා මධ්‍යයේය. පාකිස්තාන වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කරන බවට ද අග්‍රාමාත්‍ය ෂරීෆ් පන්ජාබ් ප්‍රාන්තයේ ජන රැළිය අමතමින් කෑ කෝ ගැසූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පාකිස්තානය ආර්ථිකමය වශයෙන් කඩා වැටීමකට ලක් වී ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ අධූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් යැයි අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ඔහුගේ රජය චෝදනා කරයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (5)

ඉන්දියාව පරද්දනවා: පාකිස්තාන අගමැති කියයි

ජිල්බු Tuesday, 25 February 2025 10:19 AM

මේ වගේ ඒව කියන්න ගත්තොත් සජිත්ට තර්ජනයක් එනවා මෙයාගෙන්. වහාම ආරක්ෂාව මහත් කරමු.

:       1       28

ගුණරත්න Tuesday, 25 February 2025 11:50 AM

ලෝකේ ලොකුම තෙල් නිධියක් පාකිස්තානයේ මුහුදෙන් හොයාගෙන තියෙනවා, ඕකෙන් ගන්න සල්ලි වලින් ඒ රට පොහොසත් කරන එක අමාරු වැඩක් නෙවෙයි, මට හිතෙන්නේ තව අවුරුදු 10කින් විතර සිංහලු එහෙ ගෘහ සේවයට යාවි කියල.

:       15       1

රනේTuesday, 25 February 2025 01:27 PM

ඒ වෙනකොට වටින්නෙ තෙල් නොවේ ගුණේ, වතුර..

:       0       6

දොන් සේතන් Tuesday, 25 February 2025 12:15 PM

ඉන්දියාව පරද්දන්න පුළුවන් උනත් ලංකාව නම් පරද්දන්න බැහැ . මේක ආසියාවේ ආශ්චර්ය

:       1       6

KesaraTuesday, 25 February 2025 04:52 PM

ආසියාවේ ආශ්චර්ය ඉවර වෙලා ගොඩක් කල්. දැන් තියෙන්නේ පොහොසත් රටක්(කටින්) ලස්සන ජීවිතයක්(කටින්).

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1762 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 573 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 667 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site