
(පද්මා කුමාරී කංකානම්ගේ )
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද භාණ්ඩ තොගයක් ආලංකුඩාව වෙරළ තීරයෙන් ලොරි රථයකට පටවා ,ප්‍රවාහනය කරමින් තිබියදී,එම රථය හඹා ගොස් කරඹ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට පත් ලොරිය තුළ වියළි ඉගුරු කිලෝ 537 ක් සහිත උර 16 ක්,වියළි කහ කිලෝ 65 ක් සහිත උර 2 ක්,බීඩී කොළ කිලෝ 309 ක් සහිත උර 9 ක් තිබී ඇත.
මෙම බීඩී කොළ තොගයේ වෙළද වටිනාකම ලක්ෂ 40 ක් පමණ වන බව කියයි.වියළි ඉගුරු වල වටිනාකම ලක්ෂ 20 කි. වියළි කහ වල වටිනාකම ලක්ෂ තුනකි. සමස්ත භාණ්ඩ තොගයේ වටිනාකම ලක්ෂ 63 ක් බැව්,වැටලීම සිදු කළ පොලිසිය පවසයි.
නොරොච්චෝල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව,මෙම අත් අඩංගුවට ගැනීම සිදු කොට ඇත. අත් අඩංගුවට පත් ලොරියේ සැකකාර රියදුරු කල්පිටිය කුරුඥම් පිටිය පදිංචි වයස අවුරුදු 37 ක් වන පුද්ගලයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd