(පද්මා කුමාරී කංකානම්ගේ )
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද භාණ්ඩ තොගයක් ආලංකුඩාව වෙරළ තීරයෙන් ලොරි රථයකට පටවා ,ප්‍රවාහනය කරමින් තිබියදී,එම රථය හඹා ගොස් කරඹ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට පත් ලොරිය තුළ වියළි ඉගුරු කිලෝ 537 ක් සහිත උර 16 ක්,වියළි කහ කිලෝ 65 ක් සහිත උර 2 ක්,බීඩී කොළ කිලෝ 309 ක් සහිත උර 9 ක් තිබී ඇත.
මෙම බීඩී කොළ තොගයේ වෙළද වටිනාකම ලක්ෂ 40 ක් පමණ වන බව කියයි.වියළි ඉගුරු වල වටිනාකම ලක්ෂ 20 කි. වියළි කහ වල වටිනාකම ලක්ෂ තුනකි. සමස්ත භාණ්ඩ තොගයේ වටිනාකම ලක්ෂ 63 ක් බැව්,වැටලීම සිදු කළ පොලිසිය පවසයි.
නොරොච්චෝල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව,මෙම අත් අඩංගුවට ගැනීම සිදු කොට ඇත. අත් අඩංගුවට පත් ලොරියේ සැකකාර රියදුරු කල්පිටිය කුරුඥම් පිටිය පදිංචි වයස අවුරුදු 37 ක් වන පුද්ගලයෙකි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඉන්දියාවෙන් හොරට ගෙන්වූ භාණ්ඩ පන්නන්න බැරිවෙයි