
(ගයාන් සූරියආරච්චි)
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට යාමේදී ධීවරයකු විසින් නාවික හමුදා ගිනි අවියක් උදුරාගැනීමට යාමේදී ගිනි අවිය පත්තුවී ධීවරයන් දෙදෙනකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පවසයි.
එම ඉන්දීය ධීවර යාත්‍රාවේ ධීවරයන් 13 දෙනකු සිට ඇති අතර තුවාල ලැබූ ධීවරයන් දෙදෙනා කඩිනමින් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට නාවික හමුදාව පියවර ගත් අතර එහි සිටි අනෙක් ධීවරයෝ 11 දෙනා සහ යාත්‍රාව නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන කන්කසන්තුරේ ධීවරය වරායට රැගෙන එනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පාර මේ අඬන්න බලාගෙන ඉන්න මනුස්සයාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා නේ ද? මෙහෙම ගියොත් අල්ලන්න බලන් හිටපු අත්තත් නෑ, අන්තිමට පහ ගහගෙන හිටපු අත්තත් නැහැ.