(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයෝජනයක් අරඹන විට වියදමෙන් සියයට හතළිහක් පමණ  බදු ලෙස රජයට ගෙවන්න වී තිබෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ඉදිකිරීම් යනු ආණ්ඩුවට ප්‍රධාන ආදායම් එන තැනක්. පටන් ගන්න කොටම මිරිකලා ආදායම් ගන්න බැහැ. හම්බ කරන්න අවස්ථා දීලා ඒකෙන් බදු අය කිරීම වඩා උචිතයි.

ස්මාර්ට් නගර සංකල්පයට ගියේ නැතිනම් අපට තරඟකාරී ලෙස මේ කලාපයේ ඉන්න පුළුවන්ද කියා සිතිය යුතුයි. කොළඹින් බැහැර හෝ ස්මාර්ට් නගර සංකල්පය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හොඳයි.එහෙම වුනොත් ආර්ථිකය බස්නාහිර පළාතෙන් එළියට ගෙනියන්න පුළුවන්. තාක්ෂණය නොදියුණු කාලෙත් රණසිංහ ප්‍රේමදාස ගුවන් පාලම්, භූගත පාලම් හැදුවා.

නැගෙනහිර පර්යන්තයේ වැඩ ඉක්මනින් ඉවර කරනවා කිව්වත් ඇත්තෙන්ම එහි වැඩ ඉවර කරන්න තව අවුරුදු එකහමාරක් වත් යනවා යනුවෙන්ද මරික්කාර් මහතා පැවසීය.