IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඉතාලි සිහින පෙන්නා මුදල් ගැරූ කතක් රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

ඉතාලි තානාපති කාර්යාලට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට ඉතාලියේ රැකියා දෙන බව පවසා ලක්ෂ විසි හයක් වංචා කළ බව කියන නරාහෙන්පිට පදිංචි කාන්තාවක ලබන 06වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (29) නියෝග කළේය.

අයේෂා මතුගමගේ සැකකාරිය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ඇය සමග අත්අඩංගුවට පත් ත්‍රිවිල් රියදුරකු වූ ධර්මපාලගේ පියසේන ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඉතාලි රැකියා අපේක්ෂාවෙන්  මුදල් ලබා දුන් සිව් දෙනකු කළ පැමිණිලි අනුව සැකකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව උප පොලිස් පරීක්ෂක ජයසිංහ මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

පැමිණිලිකරුවන්ගෙන් රුපියල් ලක්ෂ දහය හා රුපියල් ලක්ෂ හය බැගින් ලබාගෙන ඇති බවත් කරුණු ඉදිරිපත් කෙරිණි.

සැකකාර තීවිල් රියදුරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයටකරුණු දක්වමින් කියා සිටියේ තම සේවා දායකයා කිසිදු මුදලක් පැමිණිලිකරුවන්ගෙන් ලබාගෙන නොමැති බවය.

දෙපාර්ශවය කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කරමින්  රියදුරාට රුපියල් දස ලක්ෂය බැගින් වූ  ඇප දෙකක් නියම කරමින් ඔහු මුදා හැරීමට නියෝග කළේය.



අදහස් (0)

ඉතාලි සිහින පෙන්නා මුදල් ගැරූ කතක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 306 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2126 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1616 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site