
(මනෝප්‍රිය ගුණසේකර)
ඉඩම් කළමනාකරණය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ අභියාචනාධිකරණය ඉඩම් අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා, වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නොවැම්බර් 22 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස නියම කරමින් අද නොතිසි නිකුත් කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි” පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පරිසර අමාත්‍යවරයා” එහි ලේකම්වරයා” ඉඩම් අමතිවරයා” එහි ලේකම්වරයා” වන සංරක්‍ෂණ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා” මධ්‍යම පරිසර අධිකරිය” ඇතුලු පිරිසක් නම් කර ඇත.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවීන්ද්‍රනාන් දාබරේ මහතා කරුණු දක්වමින් මෙරට තුළ ඉඩම් කළමනාකරණය පිළිබඳ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක නොවීම නිසා ගැටලු රාශියක් උද්ගත වී ඇතැයි පැවසීය.
මෙරට තුළ කෘෂිකාර්මික කටයුතු, වනාන්තර, වගුරු බිම්, ජනාවාස යනාදී අංශ සඳහා වෙන් කළ යුතු ඉඩම් මෙන්ම ඒවායේ සීමාවන් නිසි පරිදි හදුනාගෙන ඉඩම් වෙන් කර නොමැති වීම නිසා පාරිසරික මෙන්ම අනෙකුත් අර්බුද රාශියක් මතු වී ඇති බව පෙන්වා දුන් නීතිඥ රවීන්ද්‍රනාන් දාබරේ මහතා එහෙයින් මෙරට ඉඩම් වලින් නිසි ප්‍රයෝජන ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයිද පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉඩම් ලොක්කන්ට නොතිසි
D t dissanayaka. Friday, 12 September 2025 09:57 AM
පළමුව සිදු කල යුතු දෙයක්