(මනෝප්‍රිය ගුණසේකර)
අන් අයකුට අයත් රුපියල් කෝටි හතක් පමණ වටිනා මහරගම ප්‍රදේශයේ අක්කර එක හමාරක ඉඩකමක් ව්‍යාජ ඔප්පු මගින් අත්පත්කර ගත් බවට චෝදනා ලබා සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන , ඔහුගේ බිරිය ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා යුවළ කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදි.
විත්තිකරුවනට එරෙහිව අධි චෝදනා පත්‍ර කියා දීමට සූදානම් වූ අවස්ථාවේ විත්තිකාර යුවළ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා නීතිපතිවරයා විත්තිකරවන්ට එරෙහිව චෝදනා ගොනු කොට ඇත්තේ කලාවරෝදයෙන් අනතුරුව බව නැගූ මූලික විරෝධය ඉදිරිපත් කළේය.
ඒ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් විත්තිකරුවනට එරෙහිව අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට පියවර ගත් අතර ඊට අවසරදුන් මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර යුවළ නිදොස් කොට නිදහස් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම පුදුමයි... මේ මිනීමරුවන් නිදහස් වෙන පිළිවෙළ ..