IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඉගෙනුමට ගිය සරසවි ඇදුරිය රට පැනලා

(සුජිත් හේවාජුලිගේ)

පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වූ වවුනියාව විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීනියක  එම වැඩසටහන නිමවීමෙන් පසු සේවයට වාර්තා කර නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

ඇය  මෙසේ සේවයට වාර්තා  කර නැතත් රුපියල් දෙකෝටියකට වැඩි බැඳුම්කර වටිනාකම  අැයගෙන් අය කර ගැනීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරය  පියවර ගෙන නැතැයිද  එම වාර්තාවේ  දැක්වේ.

මේ සම්බන්ධයෙන් විගණනයට කරුණු දක්වා ඇති විශ්ව විද්‍යාල පාලනාධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ  හිග ශේෂය තවදුරටත් නොගෙවන්නේ නම්  අැයට එරෙහිව  නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

රුපියල් ලක්ෂ හතළිහක පමණ මුදලක් අැය  දැනට   ගෙවා  ඇති අතර තවත් රුපියල් එක්කෝටි  හතළිස්  හතර  ලක්ෂයකට වැඩි මුදලක්  අය කර ගැනීමට නියමිත බවද   පාලනාධිකාරිය   පවසයි

මේ අනුව ගෙවිය යුතු  මුදල් නියමිත  පරිදි අය කර ගැනීමට කටයුතු කරන්නැයි  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.



අදහස් (2)

ඉගෙනුමට ගිය සරසවි ඇදුරිය රට පැනලා

himal Friday, 03 October 2025 10:42 AM

රජයේ සේවකයෙක් ඉගෙන ගන්න රට යනවා නම් ඒ යන්නේ ඇප ගිවිසුමක් අත්සන් කරලා. එතකොට ආපහු ආවේ නැත්නම් ඒ ගිවිසුම අනුව අදාළ මුදල ගෙවන්න වෙනවා. ඒක ආ මෙයා ආවේ නෑ, පහුවෙනිදා කොහෙන් හරි සල්ලි ලැබෙනවා කියලා එකක් නෑනේ. ඕවට නඩු දාන්න වෙනවා. ඇයි මේවා පත්තරේ නොදා හුදෙක්, සල්ලි අයකරගෙන නෑ කියන්නේ? නඩු දාලා නම් ඇයි ඒ ගැන කියන්නෙ නැත්තේ?

:       0       2

de silva Friday, 03 October 2025 05:08 PM

කල් ඇතිව දැනුම් දීලා ඉවත් වෙලා යන්න පුළුවන් කම තියෙද්දී පැදුරටත් නොකිය පැනලා යන එක මහා නින්දිත වැඩක්, මෙහෙම ක්‍රම අමාරුවේ වැටෙන්නේ අසරණ සිසුන් තව කෙනෙකුට අධ්‍යාපනය දීලා මෙම පුරප්පාඩු පියවන්න කාලයක් ගතවෙන නිසා... රජයේ මුදල් යනු පොදු දේපළකි. පොදු දේපල පනත යටතේ මේ ගොල්ලන්ට දඩුවම් කරන්න බැරිද? වියදම් කළ මුදල මෙන් තුන්ගුනයක දඩයක් ගෙවන්න වෙන ලෙස නීති සම්පාදනය කරන්න. එහෙම කලොත් අනෙක් ආචාර්ය මහාචාර්ය වරුත් මේ වැරැද්දම කරන එක නතර වේවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site