
(සිරිපුර මදුශානි අබේසිංහ)
මාදුරුඔය, ඉසඩ්.ඩී ඇළට වැටී පැය කිහිපයකට පසු ගොඩට ආ වන අලියකු වනජීවී කැබ්රියට සහ යතුරු පැදි හතරකට පහර දී හානි සිදුකර මැදගම රක්ෂිතයට පලාගිය බව පිඹුරත්තෑව වනජීවී නිලධාරීහු සඳහන් කළහ.
මාදුරුඔය අලුත්ඔය ප්රදේශයෙන් මෙම වන අලියා ඉසඩ්.ඩී .ඇළට වැටී සිටි අතර වන අලියා ගොඩ ගැනීම සඳහා පිඹුරත්තෑව වනජීවි නිලධාරිහු විශේෂ මෙහෙයුමක් ආරම්භ කළහ.
මෙම වන අලියා ගොඩගැනීම සඳහා ස්ථාන කිහිපයකින් ටයර්,ලී කොට,යකඩ දම්වැල්,කඹ යොදා වන අලියා ගොඩ ගැනීමට කිහිප වරක් උත්සාහ ගත්තද, එම වන අලියා ජලයේ සැඩ පහරට කිලෝමීටර් 20ක් පමණ දුරට,මැදගම පහේ කණුව ප්රදේශයට ගසාගෙන ගිය බව මෙහෙයුමට එක්වූ පිඹුරත්තෑව අඩවි ආරක්ෂක ට්රෙවීශ් පෙරේරා මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
පසුව මෙම වන අලියා මැදගම ප්රදේශයේ විදුලි බලාගාරය ක්රියාත්මක කරන ස්ථානයෙ සොරොව්ව අසලින්,ගොඩට පැමිණීමත් සමග ආසන්නයේ නවතා තිබූ වනජීවී කැබ් රථයට සහ යතුරුපැදි හතරකට පහරදී මැදගම රක්ෂිතයට පලා ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියාට මොළෙ තියෙනවා වෙන්න පුළුවන්. ඒ වුනත් මේ අලියා නම් කිසිම කෙලෙහි ගුණයක්වත් නොදන්නා දඩබ්බර මැටි මෝල් සතෙක් කියලා පැහැදිලිවම පෙනී යනවා... මොළයක් තියෙනවා නම්, තමන්ගේ ජීවිතය ගලවා දුන් අයගේ වාහන වලට මෙහෙම අලාභ හානි කරාවිද? අපේ පරපුරේ වුනත් ඔහොම අය ටික දෙනෙක් ඉන්නවා, අලියෝ....
කිලෝමීටර් 20 ඇලේ ගහගෙන යන්න දුන්නට කේන්ති ගිහිල්ලා.
වන අලි සුරතල් කරන්නන් කවද්ද පාඩමක් ඉගෙන ගන්නේ. මිනිස් ජීවිතවල දේපලවල අගය නොදන්නා පාලකයින්ට මොන භාෂාවෙන් කිව්වත් තේරෙන්නේ නෑ. අහිංසක දිළිඳු ගම්වාසීන් හැමදාම අනතුරේ. වෙන රටවල්වල වන සත්ව ගහනය පාලනය කිරීමට උපත් පාලන ක්රම යොදාගන්නවා. අපේ අය ඒවා ගැන අහලාවත් නැතුව ඇති. වන අලි ගම් වැදීම පාලනයට අලි කානුව අති සාර්ථක ලෙස යොදාගන්නවා අප දැක ඇත. කියන්න දේවල් එමට තියනවා. ඒත් අහන්න කෙනෙක් නැතුව කියලා ඇති වැඩේ මොකක්ද?
ඇමෙරිකා එක්සත් ජනපදයේ වනජීවී ඒකකය නම් ඉතා සාර්ථකව වැඩ කරගෙන යනවා. අංක එක රටවැසියා.