IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ඇල්ලේ මාරක වංගුවට පස් කන්දක්

(ප්‍රසාද් රුක්මල් )

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 15කට මරු කැදවා 18 කට තුවාල සිදුවු ස්ථානයයේ පස්බැමි යොදා ආරක්ෂිත බැම්මක්  ඉදි කළ බව ඌව පලාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා පවසයි .

තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් පවුලේ උදවිය සමග විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී ඉකුත් 4 වනදින රාත්‍රි එම විනෝද චාරිකා බස්‍ රථය අඩි දහසක පමන ප්‍රපාතයකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුවිය.

මෙම ස්ථානයේ මීට පෙර ත් මාර්ග අනතුරු කීපයක් සිදු වී විශාල ජීව්ත රැසක් අහිමි වූ බවත් එම නිසා මාරක අඅනතුරු අවම කිරිමේ අරමුණින් මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්වී මෙසේ මෙම ස්ථානයයේ පස්බැමි යොදා ආරක්ෂිත  බැම්මක් ඉදිකර තිබේ.

 



අදහස් (8)

ඇල්ලේ මාරක වංගුවට පස් කන්දක්

ravin Wednesday, 10 September 2025 07:04 PM

ශා ... මේ තරම් කාර්යක්ෂමතාවයකින් වැඩකරන රටක් පෙර සිටම පැවතුණා නම් අද ලංකාව....

:       6       89

SaleemThursday, 11 September 2025 08:20 AM

15 ක් මැරෙනකම්ම හිටියා කාර්යක්ෂම තාවය පෙන්වන්න

:       2       3

සෙනෙවිරත්න Wednesday, 10 September 2025 08:52 PM

ඔය මගුල් බස්කාරයන්ගෙ ජම්පින් නතරකරන්න ඔය පස්කඳු මදිවෙයි.

:       0       4

Rasika Thursday, 11 September 2025 04:37 AM

බොරු වැඩ! වැස්සට පස් ටික හේදිලා තව පාර ලිස්සන එක විතරයි. පැලැස්තර විතරයි සැලැස්මක් නැහැ

:       1       8

sugath Thursday, 11 September 2025 05:12 AM

වැස්සක් ආවොත් මොකද වෙන්නේ කියල හිතුවද? මීට අමතරව තිබුණට වැඩිය හොද වැටකුයි පැහැදිලිව පෙනෙන අනතුරු සංඥා පුවරුයි සවි කළා නම් තවත් හොදයි.

:       0       0

Duminda Jayanath Udayakumara Thursday, 11 September 2025 09:57 AM

කණගාටුයි , ඉක්මනින් කරත් මේක සාර්ථක නෑ... එක වැස්සට පස් හේදිලා යනවා. අනිවාර්යෙන් ශක්තිමත් යකඩ වැටක් ඕනි warning lights එක්ක.

:       1       11

Bunny Preena Friday, 12 September 2025 09:40 AM

එම පළාතට ආවේනික වූ පඳුරු හෝ එවැනි පඳුරු ලෙස වැවෙන ගස් වර්ග වවන්නත් පුළුවන්. ලොකු වියදමක් යන්නෙත් නැහැ. නඩත්තුව කරන්නත් පහසුයි.

:       0       0

Kumar Saturday, 13 September 2025 07:21 PM

ඔය පස් කන්දෙන් එවැනි අනතුරු වලක්වන්න නොහැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1949 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1540 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 539 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site