IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඇල්ලෙන් පහළට වැටී සිසුවා මරුට

 

(මහේෂ් කිර්තිරත්න)

 සිය මිතුරන් සිව් දෙනෙකු සමඟ මාතලේ ඇල්කඩුව හුන්නස්ගිරියවත්තේ දිය නෑමට ගිය මහනුවර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ඊයේ  (12)දා පස්වරුවේ දිය ඇල්ලෙන් පහතට වැටි මිය ගොස් ඇති බවත් තවත් සිසුන් දෙදෙනකු තුවාල ලබන ඇති බව  පොලිසිය කියයි .

මෙසේ අවසනාවන්ත අනතුරට පත්ව මියගොස් ඇත්තේ මහනුවර සුමංගල විද්‍යාලයේ උසස් පෙළ පංතියේ ඉගෙනුම ලබන තරුෂ්ක නවින් ඒකනායක (19) හැවිරිදි සිසුවෙකු වන අතර ඔහු වත්තේගම මීගම්මන ප්‍රදේශයේ පදිංචි අයෙකි.

තුවාල ලැබු අනෙක් සිසුන් දෙදෙනා මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.

මෙම සිසුන් තිදෙනා තවත් මිතුරකු සමඟ  මාතලේ හුන්නස්ගිරිය වත්තේ  දිය ඇල්ලක දිය නෑමට ගොස් ඇති අතර මෙම පාසල් සිසුන් තිදෙනා සමඟ පැමිණ ඇති අනෙක් තරුණයා රැකියාවක් කරන අයකු බව ද පොලිසිය පවසයි.

ඔවුන් සිව්දෙනා යතුරුපැදි දෙකකින් මෙම ගමන ගොස් තිබූ බවත් ඔවුන් ඇල්ල මතට නගින්නට ඇති බව මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.

මෙම ස්ථානය ගල් සහිත ලිස්සන සුළු ස්ථානයක් බවත් මොවුන් ගල මුඳුනට නැග ඇති බවට කරුණු හෙළිවන බවද පොලිසිය කියයි. සිසුවාගේ මෘත දේහය මාතලේ මහ රෝහල් මෘත ශරිරාගරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කන්දෙනුවර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 

 

 



අදහස් (1)

ඇල්ලෙන් පහළට වැටී සිසුවා මරුට

MD Monday, 13 October 2025 10:08 AM

අද කීකරුව විනයගරුකව හොඳින් දෙමාපියන් පවුලේ ඥාතීන් හා වැඩිහිටියන් සමඟ අන්නෝන්‍ය සම්බන්ධකම් පවත්වන දරුවන් කොහෙන් සොයාගන්නද?

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site