
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම ගැලණිගම අධිවේගී පිවිසුම අසල ඇළ මාර්ගයකට කානු පද්ධතිය හරහා අප ජලය යොමු කරමින් සිටි බවුසර් රථ රියදුරකු ඒ මොහොතේම අල්ලාගෙන පොලිසියට භාරදීමට ප්‍රදේශවාසීන් කටයුතු කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි.
ඒ සමගම එම ආයතනය හිමිකාරිය බව කියන කාන්තාවක් පළාගොස් ඇතැයි ප්‍රදේශවාසීන් පැවසීය.
මධ්‍යම රාත්‍රියේ දී අධිවේගී පාලමයට ගිමන් හරින මුවාවෙන් බහුසරය නවතාගෙන සිට එහි බට අසල කාණුවට යොමු කර ඒ මඟින් ඇළ මාර්ගයට අප ජලය බැහැර කර තිබූ බව පොලිසිය සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයට දෙන්න ඕන රජ කාලේ දඬුවම්. වගා හානිය සහ පරිසරයට සිදුකළ විනාශය තක්සේරු කර අදාල ආයතන හිමි කාරියගෙන් එය අය කර ගන්න ඕනෑ.
මෙයට වසර ගණනාවකට පෙර ඉරිදා දිනක මාතලේ නගර සභා බල ප්‍රදේශයේ නිවසක වැසිකිලි වල පිරී ඇති බැවින් කෙනෙකු සෙව්වා. නගරසභාවේ සේවකයෙකු විසින් අධික මුදලක් පොරොන්දුවී නගර සභා ගලි බව්වුසරය පැමිණ වල ඉසින්නට පටන් ගත්තා. ගලි බවුසරය පිරුණත් තවමත් වල හිස් නොවුන බැවින් නගරයේ කාණු පද්ධතියට එය මුදා හරින්නට සූදානම් වුණා. එදින අධික වැසි නිසා කාණු වේගයෙන් ගලා යන නිසා ප්‍රශ්නයක් නොවන බව එවුන් කීවා. මා එයට තදින් විරුද්ධ නිසා එය වැලකුණා. පසුදින ඒ බව කියා පිටවුණා. එහෙත් ඔවුන් එය නිතර කරන දෙයක් බව කතාවෙන් පෙනුණා. ඔවුන් කිව්වේ ඔවුන් වෙනදාට ගලී බවුසර් මුදා හරින්නේ මාතලේ මැක්ඩොවෙල් බලකොටුව තුළ ඇති සොහොන් පිටියේ වලක් කැපීමෙන්ලු. නිවාඩු දිනවල හොරෙන් අදින ගලී බවුසර් හලන්නට වල කපන්නට බැකෝ නැති නිසා කොහේ හරි හලනවාලු. සමහරවිට තවමත් එසේ සිදුවෙනවාද දන්නේ නෑ. එකල සිටි හලංගොඩ කියන ඉන්ජිනේරුවාට පසු දිනක මේ ගැන කියුවත් ඔහු තඹයකට ගණන් ගත්තේ නෑ. හිනා වුණා පමණයි. බොහෝවිට නිවාඩු දිනවල ලැබෙන මුදලින් ඔහුටත් කොටසක් යනවා ඇති. මම කියන්නේ මේ විදිහට තවමත් රටේ සිදුවෙනවා නම් මිනිසුන්ට අබ සරණයි.