IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


මිද්දෙණිය වෙඩි තැබිමෙන් පියා සහ දියණිය මරුට

(චන්ද්‍රසේන ගමගේ, පද්මසිරි ගාර්දියවසම් සහ ගයාන් සූරිය ආරච්චි)

තම දරුවන් දෙදෙනා සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට  කිසියම් කණ්ඩායමක් ඊයේ  රාත්‍රී  මිද්දෙනිය  ගල්පොත්තයාය ප්‍රදේශයේදි  වෙඩි තැබීමෙන් පියා හා යතුරු පැදියේ ගමන් කළ දියණිය මිය ගොස් පුතා තුවාල ලබා රෝහල් ගත කළ බව මිද්දෙනිය පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ වීරකැටිය  මීගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ නොහොත් කජ්ජා යන අන්වර්ත නමින් හදුන්වනු ලැබූ පුද්ලයා හා ඔහුගේ 08 හැවරදි දියණියක බව පොලීසිය කියයි.

බරපතල ලැබූ පුතා ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රත්නපුර මහ රෝහලට මාරු කොට ඇති බවත් ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඔහු ප්‍රථිකාර ලබමින් සිටින බවත් පොලීසිය කියයි.

මෙම වෙඩි තැබීම ඊයේ රාත්‍රී 10.15 ට පමණ සිදුව ඇති බව පොලීසිය කියයි. වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති පියා හා දියණිය එම ස්ථනයේදීම මිය ගොස් තිබුණු බවද පොලීසිය කියයි.

තංගල්ල කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න මහතාගේ මෙයෙවීම මත පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

 



අදහස් (6)

මිද්දෙණිය වෙඩි තැබිමෙන් පියා සහ දියණිය මරුට

රනේ Wednesday, 19 February 2025 06:41 AM

අවි ගත්තෝ නසිති.. අහිංසක ජනයා බලාසිටිති..

:       4       8

Nimal Wednesday, 19 February 2025 08:46 AM

ඇයි මේ වගේ දෙයක් ඔය කලු කඩ කාරයින්ට කරවන්න කෙනෙක් නැත්තේ?

:       4       16

මැක්ස් Wednesday, 19 February 2025 09:04 AM

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ටියුෂන් දෙන්නම් කියූ, බලයට ඇවිල්ල සතියෙන් දෙකෙන් පාතාලය නැති කරලා දානවා කියූ, කයිවාරුකාර බේගල් මාලිමාවො කෝ?

:       24       39

රට වැසියා Wednesday, 19 February 2025 10:02 AM

රටේ ආණ්ඩුවක් ඇති, බල-තල දරණ ඇමැතියෝද, ඔවුන්ට අවනත නිළධාරියෝද ඇත, එ‍හෙත් රට "අරාජිකය", රට වැසියා අනාරක්ෂිතය! ක‍ාට නම් මේ ගැන කියන්නද!

:       1       10

kamal Koyrala Wednesday, 19 February 2025 11:23 AM

ශ්‍රී ලංකා පොලිසිය SF ට භාර දිය යුතුමයි , 30 වසරක යුද්ධය දිනා දුන් ඔහුට මේ කල හැකියි

:       7       9

අමිල සිංග Wednesday, 19 February 2025 12:05 PM

"අරුණ විදානගමගේ සමග චමුදිත සමරවික්‍රම" යූ ටියුබ් ...

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 182 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 247 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1124 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site