
(අංජුල මහික වීරරත්න)
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර වන වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමෙහි (TIFA) 14 වන කවුන්සිල රැස්වීම අද (18) කොළඹ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයේ ප්‍රධාන සාකච්ඡාකරු වන කේ.ජේ. වීරසිංහ මහතා සහ ඇමරිකානු පාර්ශ්වයෙන් දකුණු සහ මධ්‍යම ආසියාවෙහි ඇමරිකානු එක්සත් ජාතීන්ගේ වැඩබලන සහකාර වෙළඳ නියෝජිත බ්‍රෙන්ඩන් ලින්ච් මහතා (Mr. Brendan Lynch, Acting Assistant United States Trade Representative for South and Central Asia) විසින් තාක්ෂණික මට්ටමේ රැස්වීමේ සම සභාපතිත්වය හොබවනු ලැබීය.
වෙළඳාම, ආයෝජන, රේගු, කම්කරු සබඳතා, බුද්ධිමය දේපළ, කෘෂිකර්මය සහ අනෙකුත් අදාළ නියෝජිතායතනවලට අයත් නිලධාරීන් මෙම නියෝජිත පිරිසට ඇතුලත් විය.
ඇමරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවන්හි 75 වැනි සංවත්සරය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් (Julie J. Chung) සහ වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මිය විසින් රැස්වීම ආරම්භ කරමින් අදහස් ප්‍රකාශ කළාය .

2025 නොවැම්බර් මස 04
357
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2157
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1636
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකා ශ්‍රී ලංකා ආයෝජන ගිවිසුමේ කවුන්සිල රැස්වීම ඇරැඹෙයි