
(විමුක්ති එස් රුද්‍රිගු)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහ වංචා හා දූෂණ වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ඇති කැපවීම ප්‍රශංසනීය බව ශ්‍රී ලංකා ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුවේදී ප්‍රකාශ කළාය.
පිරිසිදු පරිසරයක් පමණක් නොව රටට හිතකර දේශපාලන හා ආර්ථික සංස්කෘතිය යළි ඇතිකිරීම පෙන්නුම් කරන "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන යටතේ ගන්නා ස්ථිර පියවර මොනවාදැයි යන්න පිළිබඳව සහ ඒ යටතේ ක්‍රියාත්මක කරන දූෂණ විරෝධී හෝ ඉන් ඔබ්බට ගිය ප්‍රතිසංස්කරණවලට දායක විය හැක්කේ කෙසේදැයි යන්න පිළිබඳව ඇමෙරිකාව පමණක් නොව සියලුදෙනාම බලා සිටින බව ඇය සඳහන් කළාය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ කැපවීම්වලට අනුකූලව රට ඉදිරියට ගෙන යාමට ඇති කැපවීම සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීම ඇමෙරිකාව අගය කොට සළකන බව එහිදී ජුලී චන්ග් මහත්මිය පැවැසුවාය.
ආර්ථිකය සංවර්ධනය කරා රැගෙන යන විනිවිදභාවයෙන් යුත් නීතිය මත පදනම් වූ ආයෝජන වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලය වැනි හවුල්කරුවන් සමග එක්ව කටයුතු කිරීමට නව රජයට ඇති කැපවීමද ප්‍රශංසනීය බව චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.
මක්නිසාද යත් ස්ථාවරත්වය යනු පළමු පියවර පමණක් බව අපි සැවොම දන්නා කරුණක් බවත් දුෂ්කර පියවර වන්නේ වැඩි වර්ධනයක් සහ ඵලදායිතාවයක් ජනනය කිරීම සහ දිගු කාලීනව වඩා හොඳ මූල්‍ය හා ආර්ථික පුරුදු ඇති කිරීම බවත් ඇය පැවැසුවාය.
අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කරයිද? නව රජය ගිවිසුම්වලට ගරු කරනු ඇත්ද? විදේශීය සමාගම්වලට මෙරට ආයෝජන ක්ෂේත්‍රයේ සම මට්ටමේ ක්‍රීඩා පිටියක් නිර්මාණය වෙයිද? කෘතිම බුද්ධිය අපගේ ව්‍යාපාර රැගෙන යන්නේ කොතැනටද? මෙම ප්‍රශ්නවලට කුමන ආකාරයේ පිළිතුරක් ලැබේදැයි සියලු බලා සිටින බවද ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් පිටපත් රචනා කරන්නේ ඔයාලමනේ
මෙන්න මේ වැඩපිළිවෙල අර විපක්ෂේ ඉන්න අඳ බාල සෙට් එකට පොඩ්ඩක් වත් තේරෙන්නේ නැහැ. අඩුම ගානේ අර constructive criticism කියන එක වත් මේ අයියල ටික දන්නේ නැහැ. මෝඩයෝ ටික වගේ කෑගහනවා. ඒකෙන් රටේ මිනිස්සු ටික දැනුවත් කරලා අඩු පාඩු හදාගන්න වත් ඉඩ නැහැ. ඒ වගේම සමහර නාලිකා වල ප්‍රවුර්ති වාර්තාකරණය , මේ රටට විනාශයක් විතරයි, උන්ගේ පැතුම.
මේ තමයි අපේ රටේ ඇත්තම පාලිකාව... අපරාදෙ බොරුවට මැතිවරණ තියල ජනතා මුදල් නාස්ති කරන්නෙ.
සමහර බොස්ලා තමන්ට කේලාම් කියන, සුවච කීකරු ගෝල බාලයො ගැන වර්ණනා කරන්නෙ ඔහොම තමයි.
ජුලී නෝනා අනේ අපිට හොද ප්‍රවාහන සේවයක් හදලා දෙන්න කියලා කියන්න , 255 ගල්කිස්ස කොට්ටාව බස් වල එහෙම යන්න බෑ පොල් ලොරි වගේ, ඇමෙරිකාවෙත් එහෙමද ?
පටු විදියට හිතන අය මොනව කීවත් ලෝකෙ දේශපාලණයට ආර්ථිකයට ඇමරිකන් සාධකය අමතක කරන්න බැහැ. ඒක නිසා මේ පැසසීම කවුරුත් සුභවාදීව දැකිය යුතුයි.
අනිවාර්යයෙන්ම ඒම කියන්න වෙනවනේ මොකද මෙයාලනේ අනුරව ගෙනාවේ
රාසි කියන්නෙත් මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්. ගොඩක් දේවල් දන්න පාටයි. වෑල්ඩින් අංශයේනුත් අත්දැකීම් ඇති. මිනිහා දසයා...
බෝන් අගේන් ක්‍රිස්තියානි ජුලී චුන්ග් මාලිමා-කාඩිනල් -LTTE ඩයස්පෝරා ආන්ඩුවේ බෞද්ධ විරෝධී ප්‍රවණතා ගැන ඉතාම සතුටින්. බුද්ධාගමට කිසිම ව්‍යවස්ථා රැකවරණයක් නොදීමට මාලිමා ලොක්කෝ එක්ක එකඟයි.
Ms ජුලී චුන්ග් ඉතාම සාර්තකව මාලිමා ආණ්ඩුවේ ජයමන්ගල ගාථා, පිරිත්, බෞද්ධ සංකේත ඉවත් කරන වැඩේට සපෝට් කළා. ඒ වගේම බුද්ධාගම සම්පූර්ණයෙන්ම මේ මෝඩ මිනිස්සුන්ගෙන් අයින් කරන්නත් අපේ බෝන් අගේන් පල්ලියට තව ඩොලර් දෙන්න. ඔය මාලිමාවේ කට්ටියට තව අගයන්න. කට්ටියම එරිලා ඉන්නේ. මේක තමා වෙලාව...!