IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ඇමෙරිකන් සටන් විරාමයට යුක්රේනය කැමතියි

රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, ඇමෙරිකාව මැදිහත් වී යෝජනා කළ දින 30 ක සටන් විරාමයට යුක්රේනය කැමැත්ත පළ කළේය.

යුක්රේන රජය නියෝජනය කරමින් නියෝජිත කණ්ඩායමක් සහ ඇමෙරිකන් රජයේ නියෝජිතයන් අතරේ හමුවක්, සෞදියේ ජෙඩා නුවරදී පැවැත්විණි. සෞදි රජයේ නියෝජිතයෝ සාකච්ඡා සඳහා මැදිහත්කරුවන් ලෙස පෙනී සිටියහ.

යුක්රේන රජයේ නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ, ඔන්ද්‍රි යාමැක්ය. මොහු යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී වෙනුවෙන් යුක්රේන ජනාධිපති කාර්යාලයේ නියෝජිතයාය.

දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් අනතුරුව, ඇමෙරිකාව යෝජනා කළ දින 30 ක සටන් විරාමයට කැමැත්ත පළ කිරීමට යුක්රේන නියෝජිතයෝ එකඟ වූහ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය නියෝජනය කරමින්, සෞදියේ පැවැති සාකච්ඡා සඳහා සහභාගී වුණු ඇමෙරිකන් නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ ඇමෙරින් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝය.

මීට සති දෙකකට පෙර, පසුගිය 28 වැනිදා යුක්රේන ජනාධිපති සෙලන්ස්කී, යුක්රේනයේ ඛනිජ සම්පත් සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන ගණනක ගනුදෙනුවකට අත්සන් තැබීමට ධවල මන්දිරයට ගියේය. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් එක් වී යුක්රේන ජනාධිපතිවරයාට දෙහි කැපුවේ එම අවස්ථාවේදීය.

එම සිද්ධියෙන් පසු ඇමෙරිකාවත් යුක්රේනයත් අතර හොඳහිත පළුදු වුණු අතර, කෝපයට පත්ව සිටි ට්‍රම්ප්, සෙලෙන්ස්කීට පරිභව කරමින්, ඇමෙරිකාව යුක්රේනයට ලබා දුන් සියලුම යුද ආධාර නැවැත්වීමට අණ දුන්නේය.

ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය ඇතුළුබටහිර යුරෝපා රටවල් යුක්රේනයේ සහායට ඉදිරිපත් වුණු අතර, එම රටවල් සහ යුක්රේනය එක් වී රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සටන් විරාම වැඩපිළිවෙළක් ද සකස් කෙරුණි.

සෞදියේ රතු මුහුද ආශ්‍රිත ජෙඩා නුවරදී, ඇමෙරිකන් නියෝජිතයන් හමුවුණු අවස්ථාවේදී, එම සටන් විරාම වැඩපිළිවෙළ ද යුක්රේන නියෝජිත කණ්ඩායම ඇමෙරිකන් නියෝජිතයන්ට ඉදිරිපත් කළ බව වාර්තා වේ.

ඇමෙරිකාව මැදිහත් වී යෝජනා කළ දින 30 ක සටන් විරාමයට යුක්රේනය කැමැත්ත පළ කිරීමත් සමඟ, යුක්රේනය සමඟ බුද්ධි තොරතුරු යළි ස්ථාපිත කිරීමටත්, යුක්රේනයට අවශ්‍ය ආරක්ෂක සහාය යළි ලබා දීමටත් ට්‍රම්ප් පරිපාලනය එසැණින් කටයුතු කළේය.

‘අප මැදිහත් වී සකස් කළ සටන් විරාමයට සහ සාම සැලැස්මට යුක්රේනය කැමැත්ත පළ කිරීම සතුටක්. දැන් අප එය රුසියාවට යොමු කරනවා. රුසියාවෙන් ඊට කැමැත්ත පළ වුණොත් සටන් විරාමය ආරම්භ වනු ඇත. එය සාර්ථක වුවහොත් අපට යුද්ධය සම්පූර්ණයෙයන් නැවැත්වීමට පූර්ණ සටන් විරාමයකට යන්න පුළුවන් වේවි’ යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අවධාරණය කළේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

ඇමෙරිකන් සටන් විරාමයට යුක්රේනය කැමතියි

fairoos Wednesday, 12 March 2025 12:22 PM

එතකොට ඇමෙරිකාව ආයුධ ටික කොහොමද විකුණගන්නේ?

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1469 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1315 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site