
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන 20 හැවිරිදි සිසුවෙකි.
ෆීනික්ස් අයිකර් නමැති මෙම සිසුවා, පොලිස් නිලධාරියකුගේ පුතකු බව පැවැසෙයි. ඔහු වෙඩි තැබීම කර ඇත්තේ, එම පොලිස් නිලධාරියාට අයත් රාජකාරි ගිනි අවියකිනි.
ෆීනික්ස් අයිකර් විශ්ව විද්‍යාලයට කඩා වැදී ඉවක් බවක් නොමැතිව වෙඩි තැබීමට පටන් ගනිද්දී, විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ නිලධාරීහු පොලිසියට ඒ බව දැනුම් දුන්හ. වෙඩි තැබීම ආරම්භ වූයේ දහවල් කාලයේ විශ්ව විද්‍යාල සිසුන් අවන්හලේ ආහාර ගනිමින් සිටියදීය.
පොලිස් නිලධාරීන් පැමිණ වෙඩි තබා ෆීනික්ස් අයිකර් මෙල්ල කර ගත් බව පසුව වාර්තා විය. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම සිදුවන බව වාර්තා වේ.
පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ෆීනික්ස් අයිකර් කඩිනමින් රෝහල්ගත කළ බවත් ඔහු පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
11
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
පිටිගල මිලානෝ Friday, 18 April 2025 01:51 PM
ශිෂ්‍යයන් සමූහ ඝාතනයට ලක්වන එකම රට ඇමරිකාවයි. මෙය අවුරුදු පතා සිදුවේ...