IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු වී ඇත.

යුරෝපයේ, අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල මීට ඇතුළත්ය.

සෝමාලියාව, ඉරාකය, මෝල්ටා, ලුක්සන්බර්ග්, කොංගෝ, මධ්‍යම අප්‍රිකානු ජනරජය, දකුණු සුඩානය ආදී රටවල් මෙම ලැයිස්තුවට ඇතුළත් බව ද පැවැසෙයි.

ප්‍රංශයේ ඇමෙරිකන් කොන්සල් කාර්යාල පහක් ඇති අතර එම කොන්සල් කාර්යාල වසා දැමීමට යෝජනා වී ඇත.

ඊට අමතරව, ජර්මනියේ කොන්සල් කාර්යාල දෙක, බොස්නියාවේ  කොන්සල් කාර්යාල දෙක ද වසා දැමීම කෙරෙහි අවධානය යොමු වී ඇත.

WION ඇසුරිනි



අදහස් (9)

ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්

ගුණරත්න Thursday, 17 April 2025 07:21 AM

ලංකාවේත් අනවශ්‍ය තානාපති කාර්යාල තිබෙනවා. ඉස්සර ආණ්ඩුව කිවූ විදියට විදේශ සේවයේ උසස්වීම් මත තානාපති සේවා සඳහා සුදුසු දක්ෂ නිලධාරීන් සොයාගන්නවා කිව්වට තාමත් කරන්නේ පරණ සිස්ටම් එකට එහෙය්යෝ පිනවන්න තනතුරු දීම, ඒක නිසා ඔය අනවශ්‍ය තානාපති කාර්යාල වසා දමනවා නම් හොඳයි. රටේ සල්ලිත් ඉතිරි වෙනවා...

:       4       15

lahiru Thursday, 17 April 2025 09:03 AM

කරුණාකර ලංකාවේ එක නම් වහන්න එපා...

:       8       2

ජගත් ලියනගේ Thursday, 17 April 2025 09:11 AM

අනේ මහත්තයෝ. ලංකාවේ කාර්යාලය වහන්න එපා. කියන තැනකට එන්නම්.

:       8       0

විජේ Thursday, 17 April 2025 01:12 PM

අමෙරිකාවට වෙච්චදෙයක් .ඕක ගොඩගන්න පුලුවන් අපේ කජු සීයට කතා කොරලා ඔහාට ගෙන්නගත්තනම් .

:       7       16

Koralage Thursday, 17 April 2025 02:37 PM

සහතික ඇත්ත. ට්‍රම්ප්ට ඇඩ්වයිසර් වගේ ගත්තා නම් ඇමෙරිකාවත් අල්ලන්න බැරි තරම් පොරක්. හැබැයි මෙයාගෙන් නම් ලංකාවට සත පහක වැඩක් නැහැ. රට බංකොළොත් කරලා හොරා කාලා... පොළවටම සමතලා කළා. තාමත් මොන අන්චියක් හරි අඳින්න හදන්නේ. හැබැයි මේ පාර නම් ප්‍රජා අයිතිය අහෝසි වෙනවාමයි.

:       13       21

කපුරුහාමි Thursday, 17 April 2025 03:01 PM

සුපිරි මොළයක් තියෙන ඇමරිකාවේ ජීවත් වෙන මොළහතාගෙනුත් උපදෙස් ගන්න බැරියෑ?

:       5       25

Neel Thursday, 17 April 2025 03:45 PM

මම හිතන විදිහට මෙයා ඇමෙරිකාවේ ආර්ථිකය කඩාවැටීම්වල තමයි නතර වෙන්නේ. චීනය ලෝකෙම බලවතා බවට පත්විය හැකියි...!

:       3       18

Tinto Saturday, 03 May 2025 11:06 AM

ඔහු සිතන්නේ ඇමරිකා ටීකාවක් වගේ පෙනෙන නමුත් එය රටකි, කිසිදු ජනාධිපතිවරයෙකු එය කළේ නැත, එය ඔහුගේ ක්‍රියාවන් නිසා ඉක්මනින් ඔහුගේ රට අස්ථාවර වනු ඇත.

:       0       0

ලානිල්! Wednesday, 07 May 2025 02:21 AM

අපේ රටේ මහරජාණෙනි. ඔබ රටට කෙලෝලා කෙලෝලා අන්තිමට රට බේරගන්න ඉදිරිපත් කරපු මහා අපරාධකරු මිනීමරු මහ බැංකු කොල්ලකරු ඉංග්ලිස් පංපෝරිකරු යවලා ලෝන් දෙක තුනක් ගස්සලා දීලා ඒ රටේ ආයතන පුද්ගලීකරණය කරලා ඒ රට මුදවා කිරි ගවයන් බවට ඒ ජනතාව පත්කර දෙනු මැනවි. පසුව ඔබෙ පුතු ගොංමල් එහි ජනාධිපතිද කල හැකි වනු ඇත... ඔබ ජාතියේ පිං පියා පමණක් නොව මේ ලෝකයේම පිංපියා වන්නේ එදාටය!!! ආයු බෝ ව්ව්වේවා පිං පියාණෙනි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site