
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු මනුෂ නානායක්කාර සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් පාර්ලිමේන්තුවෙන් පිටව යද්දී පාර්ලිමේන්තුවට නුදුරු ජයන්තිපුර ප්‍රදේශයේදී උද්ඝෝෂණකරුවන් පිරිසක් ඔවුන් ගමන් ගත් වාහන හරස් කර නතර කරවා ගෙන ඔවුන්ට බැන තර්ජනය කිරීම නිසා ඒ ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්වයක් අද (6) පස්වරුවේ ඇතිවිය.
"උඹලා ඔක්කොම එකයි. මෙච්චර දවස් කළේ උඹලා ඩීල් දාපු එක.මුන්ට යන්න දෙන්න හොඳ නැහැ" යනුවෙන් පවසමින් උද්ඝෝෂණ කරුවෝ මෙහිදී හඬ නැගූහ .
මන්ත්‍රීවරුන්ද මෙහිදී අදහස් දැක්වීමට උත්සාහ දරුවත් ඊට උද්ඝෝෂණකරුවන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.
මන්ත්‍රීවරුන්ට බැන තර්ජනය කළ පිරිසේ කාන්තාවෝද වූහ.
මන්ත්‍රීවරුන් තිදෙනා ඒ ස්ථානයෙන් පිටවී යාමට උත්සාහ දැරූ අවස්ථාවේදීද උද්ඝෝෂණකරුවන්ගෙන් දැඩි බාධා එල්ල වූ අතර ඔවුන් ඒ ස්ථානයෙන් පසුව දැඩි පරිශ්‍රමයක් දරා පිටව ගියේ උද්ඝෝෂණකරුවන්ගේ හූ හඬ මධ්‍යයේය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
රෙදි ගලවලා පයින් යවන්න තිබුණේ...!
දැන්වත් තේරුම්ගන්න මිනිස්සුන්ට නුඹලා සේරම අපුල බව..
පේනවා නේද අම්මගේ, අප්පගේ බූදලයෙන් ලැබුණු සල්ලිවලින් ගත්තු වාහන වගේ ඒවා පාවිච්චිකරන හැටි. ජේ.ආර්ගේ මන්ත්‍රීන් සන්තෝසම් ක්‍රමය එදා ඉඳලා පත්වුණු හැමෝම කරගෙන ආවා. ඉතින් ඩොලර් ඉතිරිවේයැ. බයිසිකලයක්වත් ලංකාවේ හදන්නේ නැතිව ජනතා සල්ලිවලින් වාහන අරගත් මේ අයට ලැජ්ජාවක් නැති හැටි...!
මේ ඔක්කොම එකයි මිනිසුනේ..!
අව්‍යාජ අරගලය මෙතැන පමණක් දැක්කෙමි. මොවුන් සිතාගෙන හිටියේ මොවුන්ව ජනතාව ප්‍රතික්ෂේප නොකළ බවයි. තාත්තා කියපු නිසා පල්ලි නොගොස් තම ජීවිතය පමණක් බේරාගත් අයටද මෙය හොඳ පාඩමකි...
අන්තිමේදී පාර්ලිමේන්තුවේ ඇතුළත ජනතාව බේරාගැනීමට ඉදිරිපත් වුණු අතළොස්සකට ජනතාව නින්දාකොට පහරදීමට තැත්කළ ජනතා හිතවාදීන් කියනා අරගලය දියාරු කරන අය පන්නා දමන්න... ඒවා රාජපක්ෂ පිල්ලි තමයි.