IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඇතිමලේ සීනි සමාගමත් දුක කියයි

(නයනජීව බන්ඩාර)

දේශීය දුඹුරැ සීනි අලෙවි කර ගැනීමේ ගැටලුව විසදීම සදහා රජය කඩිනමින් මැදිහත් නොවුනහොත් ඇතිමලේ වැවිලි සමාගමට අයත් සියඹලාන්ඩුව ඇතිමලේ සීනි කර්මාන්ත ආයතනය වැසීයා හැකි බව එහි විධායක නිළධාරි ගාමිණි රත්නායක මහතා පවසයි.

මෙි වන විටත්, අලෙවිකර ගත නොහැකිව සීනි මෙට්‍රික් ටොන් 6000ක් පමණ, කර්මාන්ත ශාලාව තුළ ගබඩාකර තිබෙන බව ද ඒ මහතා කියා සිටියේය.

විධායක නිළධාරි ගාමිණි රත්නායක මහතා මෙසේ ද පැවැසීය.

“අපට සීනි කිලෝවක් නිෂ්පාදනය කරන්න රුපියල් 250 විතර මුදලක් වැයවෙනවා. නමුත් අපෙන් සීනි කිලෝවක් ඉල්ලන්නේ රුපියල්175ක් වගේ මුදලකට. එතනෝල් ලීටරයක් නිෂ්පාදනය කරන්න රුපියල් 475 - 550 ක්වගේ වියදමක් යනවා. නමුත් අපෙන් එතනෝල් ඉල්ලන්නේ නිෂ්පාදන වියදමටත් අඩුවෙන්, මේ නිසා මෙරට අනෙක් සීනි සමාගම් වගේම අපේ සමාගමත් ඉන්නේ විශාල අර්බුධයක’’

දේශීය සීනි සදහා විශාල බද්දක් පනවා. ආනයනික සුදු සීනි සදහා බදු සහන ලබාදීම මෙම ගැටලුවට ප්‍රධාන හේතුව බව සීනි සමාගම් පවසයි.

“ දේශීයව නිෂ්පාදනය කරන දුඹුරු සීනි සදහා රජය සීනි කිලෝවක් සදහා සියයට 18ක බද්ධක් අයකරනවා නමුත් ආනයනික සීනි බද්දෙන් නිදහස්.ඒ වගේම අපේ සීනි අලෙවියෙන් හා එතනෝල් අලෙවියෙන් ලැබෙන ලාභය මත පිළිවෙළින් තවත් සියයට 30ක් සහ සියයට 45ක බද්දක් අය කරනවා. ඊට අමතරව සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්දකුත් අපි ගෙවන්න අවශ්‍යයි. ඒ වගේම සෑම මොලැෂස් ටොන් එකකට රුපියල් 10000ක තව ගෙවීමක් කළ යුතුයි.

මෙහෙම බදු ගෙවලයි අපි මෙි සමාගම පවත්වාගෙන යන්නේ

ඇතිමලේ සීනි කර්මාන්ත ආයතනය තුල සේවය කරන සේවකයින් සංඛ්‍යාව 1100 කි. පවතින මෙම අර්බුධයත් සමග මෙම වැඩකරන සේවකයින්ට වැටුප් ගෙවීමද ගැටලුවක් වන බව, සමාගමේ මානව සම්පත් කළමනාකාර ඉසුරු රත්නායක මහතාගේ අදහස වී තිබෙි.

ඔහු පවසන්නේ දැනට ගබඩාකර ඇති සීනි තොගය අලෙවිකර නොගතහොත් ඉදිරි මාසයේ සේවක වැටුප් ගෙවීමද අර්බුධයක් බවයි.

ඇතිමලේ සීනි සමාගම යටතේ උක්ගොවියන් 8000ක් පමණ සිටිති. 

 



අදහස් (6)

ඇතිමලේ සීනි සමාගමත් දුක කියයි

යෝගා Saturday, 31 May 2025 01:23 PM

හඳුන්නෙත්ති කයිය ගැහුවේ මුලු ආසියාවටම සීනි අපනයනය කරනවා කියලයි. බලය දුන්නාම අනාගැනීමේ සීමාවක් නෑ...

:       9       98

මාලිමාගැත්තා Saturday, 31 May 2025 01:25 PM

රටේ නිෂ්පාදන වලට බදු ගහලා ඒවා නැතිම කරලා දාන්න ඕනෑ. ආනයනය කරන ඒවාට බදු සහන දීලා පුළුවන් තරම් ආනයනය කරවන හිතවතුන් පොහොසත් කරවන්න ඕනෑ. රටේ සේරම කර්මාන්ත වැහිලා ගියාම තමයි පෝලිමේ ඉන්න ආයෝජකයින්ට අවස්ථාව ලැබෙන්නේ. අවශ්‍ය වුණොත් දකුණු මුහුදට පනිමු. උතුරෙන් පනින්න බෑ. ඒ පැත්ත දැන් කොට් අල්ලනවා ආයේමත්...

:       11       77

senaSaturday, 31 May 2025 03:03 PM

ඒක තමයි මේ අනුරට මෙලො දෙයක් තේරෙන්නේ නැහැ... මතකද ඔයාලාගේ ලොක්කා එක සැරයක් සීනි බද්ද එක දවසකට විතරක් සත 25 ට බැස්සුවා... ඒ වගේ වැඩනේ කරන්න ඕනේ...

:       60       12

සෙනෙවිරත්න Saturday, 31 May 2025 02:24 PM

ආනයනික සීනි බද්දෙන් නිදහස් කතාව පිළිගත නොහැකියි. ගෝඨාභය අඩු කලේ ඔය බද්ද, ඒත් ඒක යළි පැනෙව්වා. මෙතැන වෙන්නේ කවුරුත් සත්‍ය කතා නොකිරීම. නමුත් මේ සඳහා රජය මැදිහත්විය යුතුයි...

:       38       20

සිල්වා Saturday, 31 May 2025 05:48 PM

ඔය සීනි තොගය සතොසට විකිණීම සඳහා සාකච්ඡා කරන්න. විසඳුමක් ලැබේවි.

:       3       10

රනේ Sunday, 01 June 2025 03:44 PM

සීනි වැඩි මිලට අරන් අපි කියලා කොහේ යන්නද මල්ලි?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 627 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site