IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි

(අංජුල මහික වීරරත්න)

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්වරුන් සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ පළමු වරට ජනාධිපති කාර්යාලයේදී අද (22) රැස් වූහ.

සියලුම පුරවැසියන් සඳහා සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර ආහාර පද්ධතියක් සහතික කර ලීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ අරමුණ බව ජනාධිපති කාර්යාලය පවසයි.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී නිරවද්‍ය දත්ත හා තොරතුරු ඉතා වැදගත් බැවින්  ඒවා නොමැතිව තීරණ ගැනීමේ අවදානම තවදුරටත් දැරීමට රජය සූදානම් නැති බවත් නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් සකස් කිරීමට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත් මෙහිදී අවධාරණය කෙරුණු බවද ජනාධිපති කාර්යාලය කියයි.

සෘජු පරිභෝජනයට මෙන්ම, කුකුළු හා බිත්තර කර්මාන්තයට අවශ්‍ය සත්ව ආහාර, බියර් නිෂ්පාදනය වැනි මානව පරිභෝජනයට අදාළ සියලු කර්මාන්ත සඳහාද යෙදවුම් වශයෙන් සහල් ලබා දීම රජයේ සංවර්ධිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේදී සලකා බැලිය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා මෙහිදී කීය.

තවද රටේ ජනතාවගේ ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතු බවත් නිරෝගී ජනතාවක් බිහි කිරීමට මෙන්ම ආහාර අපතේ යාම වැලැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා කමිටු සාමාජිකයින්ට උපදෙස් දුන්නේය.

ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති රාමුවක් ඇති කිරීම, අත්‍යවශ්‍ය ආහාර තොරතුරු පද්ධතියක් පවත්වා ගෙන යාම, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිර්ණායක ඔස්සේ  නව වැඩපිළිවෙළක් සකස් කිරීම, විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ දේශීය නිෂ්පාදන වැඩි කිරීම සහ බෙදා හැරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම ආදි කරුණු රැසක් මෙහිදී අවධානයට ලක් විය.

ආහාර සුරක්ෂිතතාව, ආහාර මිල සහ වෙළෙඳපොළ කළමනාකරණය පිළිබඳවද මෙහිදී සාකච්ජා කෙරිණි.අග්‍රාමාත්‍ය ලේකම්   ජී.පී. සපුතන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (2)

ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි

SAM Wednesday, 22 January 2025 09:33 PM

මහින්ද, මෛත්‍රී, ගෝඨාභය සහ රනිල්ගේ ආණ්ඩු සමයේ අහාර සුරක්ෂිතතාවයන් සහ දත්ත පද්ධති පිලිබඳව සාකච්ඡා කිරීමට පැමිණි නිලධාරීන් අනුර දිසානායක ජනාධිපති නියෝජනය කරමින් පැමිණි සහෝදරයන් දෙදෙනා / යටතේත් සාකච්ඡාවලට පැමිණ තිබෙන බවක් පෙනේ. එයින් පෙනී යන්නේ පසුගිය රජයන් සමයේ සිදුවූ සාකච්ඡාවලට පමණක් සිමා වී සාකච්ඡාවෙන් පසු කිසිවක් ක්‍රියාත්මක නොවූ බවකි.

:       1       5

sunil kariyawasam Thursday, 23 January 2025 06:33 AM

ආහාර අපතේ යාම ගෝලීය වශයෙනුත් සාකච්චාවට භාජනය වී තිබෙනවා. හෝටල් වල හෝ කෑම සපයන තැන්වල හෝ ආහාර බෙදාදීමේ සහ බෙදා ගැනීමේදී කෑමට නොහැකි ප්‍රමාණයට කෑම බෙදා ගන්නවා. උත්සව වලදීත් එහෙමයි. ඒ වගේම කෑම බෙදා ලබා දෙනවිට විශාල ප්‍රමාණයක් බත් බෙදනවා. අවසානයේ කෑම විසි කරනවා. කෑම බෙදාගන්නා විට තමාට කෑමට පුළුවන් ප්‍රමාණයට බෙදාගන්න එක කාගේත් වග කීමක්. දෙවනුව, බෙදලා කෑම සැපයීමේදී (මේසයට හෝ පැකට් හැටියට), ප්‍රමාණය අඩු කෑම එකක් අඩු මිලකට දීමට පුළුවන්. පොඩි එකක් ගන්නවද ලොකු කෑම එකක් ගන්නවද පාරිභෝගිකයාට තෝරාගන්න පුළුවන්. ඒ ගැනත් අවධානය යොමු කිරීම වැදගත්.. මිට පෙර තිබුනා කෑම භාගයක් සහ full එකක් කියලා. ඒවා නැවත පුරුද්දක් හැටියට ගෙන ඒම සුදුසුයි. හොටල වලිනුත් විශාල ලෙස කෑම අපතේ යෑම් සිදුවනවා. ඒ ගැනත් සිතියයුතු කාලයක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්පෝට් නිකුත් කිරීම දින තුනක් සීමාකරයි
2025 මැයි මස 02 43 0

පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම


කොස්ගොඩ පොලිසිය ඇල්ලූ තරුණයා හදිසියේ මරුට
2025 මැයි මස 02 623 0

මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අ


’’සංක්‍රමණ’’ ජාත්‍යන්තර සංවිධානයෙන් ලංකාවට අත-හිත
2025 මැයි මස 02 137 0

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දූත මණ්ඩල ප්‍රධාන


අපේ අයගේ සාත්තුවට ඊශ්‍රායලය වශී වෙයි
2025 මැයි මස 02 1445 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර පසුගිය මාස හතරේ දී පමණක් 278 දෙනකු සඳහා ඊශ්‍


පානදුර නගර සභා අපේක්ෂකයා කුඩු සමග මාට්ටු
2025 මැයි මස 02 746 1

පානදුර නගර සභාවට මෙවර තරඟ කරන අපේක්ෂකයකු රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කියයි.


යතුරු පැදිවලින් මහනුවර පාර වහලා
2025 මැයි මස 02 1575 0

මහනුවර නගරයේ කච්චේරිය ඉදිරිපි⁣ට හරස් වීදීය සහ පදිකවේදිකාව ද සම්පූර්ණයෙන්ම අවහිර වන ලෙස යතුරු පැදි නතර කිරීමෙන් පාදිකයන්ට මෙන්ම වාහන ගමනා ගමනයට මඟක්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 456 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 115 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1142 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site