IMG-LOGO

ආංශික සභා 6කට නව මන්ත්‍රීවරු

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ  ආංශික අධීක්ෂණ කාරක සභා  හයක  සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව  නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  අද (08) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව ආංශික අධීක්ෂණ කාරක සභා 6 සඳහා පත් කළ සාමාජික මන්ත්‍රීවරුන්  මෙසේය

1.    ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

•    ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා
•    නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය
•    නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය
•    කන්දසාමි ප්‍රභු මහතා
•    විජේසිරි බස්නායක මහතා
•    තිළිණ සමරකෝන් මහතා
•    නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය

2.    යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

•    මංජුල සුරවීර ආරච්චි මහතා
•    කේ. ඉලංකුමාරන් මහතා
•    රවීන්ද්‍ර බණ්ඩාර මහතා
•    ධනුෂ්ක රංගනාත් මහතා
•    අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා
•    ශාන්ත පද්ම කුමාර සුබසිංහ මහතා
•    නීතිඥ ගීතා හේරත් මහත්මිය

3.    අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

•    අබූබකර් අතම්බාවා මහතා
•    ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනෙවිය
•    නිලූෂා ලක්මාලි ගමගේ මහත්මිය
•    සුගත් වසන්ත ද සිල්වා මහතා
•    සුජීව දිසානායක මහතා
•    සංජීව රණසිංහ මහතා
•    සුනිල් රාජපක්‍ෂ මහතා

4.    සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

•    මුනීර් මුලාෆර් මහතා
•    (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතා
•    සමන්මලී ගුණසිංහ මහත්මිය
•    (මහාචාර්ය) සේන නානායක්කාර මහතා
•    (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා මහතා
•    ජගත් මනුවර්ණ මහතා
•    රුවන් මාපලගම මහතා

5.    පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

•    රොෂාන් අක්මීමන මහතා
•    උපුල් කිත්සිරි මහතා
•    එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මහත්මිය
•    සුසන්ත කුමාර නවරත්න මහතා
•    සුදත් බලගල්ල මහතා
•    කිට්නන් සෙල්වරාජ් මහතා
•    නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා

6.    විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

•    චතුරංග අබේසිංහ මහතා
•    අර්කම් ඉල්යාස් මහතා
•    ලසිත් භාෂණ ගමගේ මහතා
•    තනුර දිසානායක මහතා
•    නීතිඥ හසාරා ලියනගේ මහත්මිය
•    (වෛද්‍ය) ජනක සේනාරත්න මහතා
•    චන්දිම හෙට්ටිආරච්චි මහතා

එසේම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන වසන්ත සමරසිංහ,  සුන්දරලිංගම් ප්‍රදීප් සහ අබූබකර් අතම්බාවා යන මහත්වරුන්ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බවද   කථානායකවරයා පාර්ලිමේන්තුවට  දැනුම් දුන්නේය

මීට අමතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ(කෝප්) සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අබූබකර් අතම්බාවා, අර්කම් ඉල්යාස් සහ මයිල්වාගනම් ජෙගදීස්වරන් යන මහත්වරුන්ද, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ(කෝපා) සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතාද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා  පාර්ලිමේන්තුවට නිවේදනය  කළේය



අදහස් (1)

ආංශික සභා 6කට නව මන්ත්‍රීවරු

මේඝ Thursday, 08 May 2025 04:29 PM

කරුණාකර මහජන පීඩාකාරි පාරිසරික ශබ්ද දූෂණය සිදුකරන ස්ථානවලට නීතිය ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 104 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 262 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site