IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


ආර්.එම්. වී වැඩ ගැන කෝපා කෝප වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ව්‍යාජ ලේඛන යොදාගෙන අත් ඇක්ටර් මුවාවෙන් සුපිරි මෝටර් රථ ගෙන්වීමේ වංචනික ක්‍රියාවක් පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

ආගමික ස්ථාන සඳහා බව පවසමින් ආනයනය කෙරුණු වාහන එකසිය පනස් අටක බලපත්‍ර කොන්දේසි එම නිලධාරීන් උල්ලංඝනය කර ඇති බවද එහිදී තොරතුරු අනාවරණය වී ඇත.

වාහන එකසිය විස්සක නිෂ්පාදන වර්ෂය වෙනස් කර ඇතැයිද එහිදී හෙළි විය.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති අරවින්ද සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

මෙහිදී අදහස් දැක්වූ මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ අදාළ නිලධාරියාට එරෙහිව චෝදනා පත්‍රයක් ලබාදී විනය පරීක්‍ෂණයෙන් පසු නැවතත් සේවයේ පිහිටුවා ඇති බවයි.

කරුණු තහවුරු කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඒ පුද්ගලයා නිදොස් කොට නිදහස් කර ඇතැයි ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි මහතා පැවසුවේ මුල් ලිපිගොනුව නැතැයි පවසමින් නිලධාරියා නිදහස් කිරීම වැරදි පූර්වාදර්ශයක් බවයි.

මෙහිදී අදහස් දැක්වූ මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ මේ පද්ධතිය ගැටලුකාරී යැයි කාලයක සිට තමා දැනුම් දී ඇති බවයි.

මේ අතර ඇසුරුම් ලේඛන සාවද්‍ය ලෙස වෙනස් කරමින් රේගු බදුනගේ වා ගෙවා මෙරටට ගෙන්වන ලද යතුරු පැදි සහ ට්‍රැක්ට තුන්සිය දෙකක් ව්‍යාපාදිංචි කර ඇතැයි මෙහිදී තොරතුරු හෙළි විය.

වාහන විසි තුනක් ද්විත්ව කාර්ය වාහන ලෙස ලියාපදිංචි කර ඇතැයිද එම කමිටුව සඳහන් කරයි.

මීට අදාළ සියලු නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝපා කමිටුවේ සභාපතිවරයා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

 



අදහස් (6)

ආර්.එම්. වී වැඩ ගැන කෝපා කෝප වෙයි

Nishan Monday, 24 March 2025 03:23 AM

මාලිමා ආණ්ඩුවේ නායකයෝ චන්දෙට කලින් කිව්වේ නම් රාජ්‍ය ආයතන වල එයාලගේ කට්ටිය ඉන්නවා කිසිම හොරකමක් කරන්න ඉඩ ලැබෙන්නේ නෑ කියලා. ඒක බොරුවක්ද නැත්නම් හොරකම් කරන්නේ එයාලද?

:       6       3

ජයනාත්Monday, 24 March 2025 05:31 PM

මේවා 2024ට කලින් සිදුවුණු ඒවා... හිටපු කොමසාරිස් වරයෙක් කිව්වා ෆයිල් 118 හොයාගත්තා කියලා. ඒවා හොයාගත්තු නිසා එයා බන්දුල ඇමැතිවරයා විසින් වහාම මාරු කරල‍ා ෆයිල් දැන් හංගලා. මේවා යලි එළියට ඇදලා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

:       0       1

Weearasingha Monday, 24 March 2025 05:57 AM

ලිපිගොනුව නැහැ කියල විනය පරීක්ෂණයකින් නිදහස් කිරීම හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේම නේ. ගොනුව නැතිවීමත් එවැනිම වංචාවක් කියල හිතෙන්නෙම නැද්ද. කොහොමවුනත් සැක වාහන පරීක්ෂාකර පරික්ෂනය කරන්න තිබුනා

:       0       7

Sk Monday, 24 March 2025 06:19 AM

ඔක්කොම හොරු පගාව ගන්න අය ඉන්නම ඔය ආයතන ඇතුලේ

:       0       6

de silva Monday, 24 March 2025 06:29 AM

අනිවාර්යයෙන්ම මේවා මහා පරිමාණ දුෂණ වංචා .මේ නිලධාරියෝ මේවා කරලා කෝටි ගණන් මුදල් උපයනවා , විනය පරීක්ෂණ කරලා පමණක් මදි , මෙවැනි නිලධාරීන් අත්අඩංගුවට අරන් නඩු පවරන්න කටයුතු කලයුතුය ,හිත මතා කුට ලේකන සකසන නිලධාරියෝ අවම වශයෙන් බරපතල වැඩ සහිතව වසරක්වත් හිරේ යන නීති සකස් කරන්න ඕනේ , වංචාව ලක්ෂ 10 නම් වසර 1 , වංචාව ලක්ෂ 10 වැඩි නම් වසර 3 වශයෙන් , මිනිස්සු බලාපොරොත්තු වුන system change මේවා මිසක් වෙන දේවල් නොවේ 2 /3 ආණ්ඩු බලයක් තිබෙන්නේ අවශ්‍ය නම් මේවට අවශ්‍ය නීති සම්පාදනය කරන්න , නමුත් ආණ්ඩුවට රටට ජනතාවට වැදගත් ප්‍රතිසංස්කරණ කිරීම පසෙක දමා ත්‍රීවීල් වල කැබලි ගැලවීම , පාරේ තිබෙන කොළ කැබලි ඉවත් කිරීමට සහ එක එක වල් පල් කතාකිරීමට පාර්ලිමේන්තු කාලය යොදා ගන්න බව පෙනී යනවා ,

:       0       9

de silva Monday, 24 March 2025 06:37 AM

කරුණාකර කෝප් කමිටුව විසින් සොයා ගන්න නිලධාරීන්ගේ සහ දේශපාලකයන්ගේ අක්‍රමිකතා පිළිබඳව ඍජුවම නඩු පැවරිය හැකි වන ලෙස වෙනම නීති ඒකකයක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනයුක්ත වෙනම පොලිස් විමර්ශන කණ්ඩායමක් පත් කරන්න , හොරු කෙලින්ම අධිකරනෙට ඉදිරිපත් කරන්න ඕනේ , මේවා ආණ්ඩුවේ වගකීම් , ආණ්ඩුව දැන් වගකීම් ඉටු කරන්න ඕනේ

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 87 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 927 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2546 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site