IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආර්ථික වර්ධනයේ පළමු ’’හැන්ද’’ ඇත්තේ ගුරුවරුන් අතේ

(අංජුල මහික වීරරත්න)

රටක ආර්ථික වර්ධනයේ ප්‍රධානතම කොටස අධ්‍යාපනය බැවින්  ගුරුවරුන්  අනාගත පරපුර විනාශ නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

එදා අධ්‍යාපන ක්‍රමයට වඩා අද අධ්‍යාපන ක්‍රමය වෙනස් හෙයින් අලුත් ඉලක්කයකට අධ්‍යාපන ක්‍රමය ගෙන යා යුතුව ඇතැයි  අබේවර්ධන මහතා පැවසීය.

වජිර අබේවර්ධන මහතා මේ බව කීවෙි  ගාල්ල මහින්ද විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද “Navigator Higher Education and Career Expo” අධ්‍යාපනික ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (12) සහභාගී වෙමිනි .

යුගයේ අධ්‍යාපන අවශ්‍යතාවය පිළිබඳ පාසල් දූ දරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් ගාල්ල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙම “Navigator Higher Education and Career Expo” අධ්‍යාපන වැඩසටහන සංවිධානය කර තිබේ. 

එහි ප්‍රධාන ආරාධිතයා වූ වජිර අබේවර්ධන මහතා එම විද්‍යාලයේ  ආදි ශිෂයෙකු වීමද විශේෂත්වයක් විය.



අදහස් (5)

ආර්ථික වර්ධනයේ පළමු ’’හැන්ද’’ ඇත්තේ ගුරුවරුන් අතේ

ගමේ එකාලා Friday, 12 July 2024 04:00 PM

අපි නම් දන්නේ හැන්ද තියෙන්නේ දේසපාලුවන්ගේ අතේ කියලා?

:       3       12

Left voter Friday, 12 July 2024 05:08 PM

හැන්ද අල්ල⁣න ඉන්නේ අර කාලකන්නි ස්ටාලින්, ඉතිං ගුරුවරුන්ගේ පස්ස පැත්තයි බලාගෙන ඉන්නේ. ඒකෙන් වැඩක් තියනවාද, වජිර...

:       10       4

chandima Saturday, 13 July 2024 12:27 AM

හඬ තිබුනට වැඩක් නැහැ ඔහෙලා සුප් මුට්ටියම බීලා.වළඳ හිස්

:       0       0

Nimal Saturday, 13 July 2024 08:19 AM

අනුන් හදන්න කලින් තමන් ආදර්ශයෙන් වැඩ කරොත් හොඳයි නේද වජිර මහත්තයෝ

:       1       1

Lakmal Saturday, 13 July 2024 08:33 AM

ඉගෙන නොගත්ත පොල් බුරුවෙක් කියන කතාවක්

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site