
(ගයාන් සූරිය ආරච්චි)
දෙවියන් ආරූඪ වන බව පවසමින් අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මැදවච්චිය, කනදරාව ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන වලට කලාකාරී ලෙස පහර දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ චුන්නාකම් පොලිසිය රාජකාරී නියුතුව සිටි පොලිස් කොස්තාපල් වරයෙකි.
මෙම පොලිස් කොස්තාපල්වරයා චුන්නාකම් පොලිසියේ තනිකඩ බට නිවාස්නේ රාජකාරියේ නියුතුව සිටියදී කතරගම දෙවියන් ආරූඪ ඇති බව පවසමින් කලාකාරි ලෙස හැසිරී තිබුණු බව පොලිසිය කියයි. අනතුරුව පොලිස් ස්ථානයෙන් අනවසරයෙන් පිටව ගොස් කනදරාව ප්‍රදේශයේ වාහන වලට පහර දෙමින් කලාකාරී ලෙස හැසිරී ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනරාව හොයාගන්න නැති හින්දා වෙනත් වාහනයක් හෙව්වා වත්ද?
දෙවිවරු කැමැති පරිසර හිතකාමී ඉන්ධන වලට. ඒකනේ මොනරා පිටේ යන්නේ. පොසිල ඉන්ධන දහනයෙන් හරිත වායු, සල්ෆර්, කා. මොනොක්සයිඩ් වගේ පරිසරය විනාශ කරන දේවල් පිටවෙන නිසා තරහ නොයා තියෙයිද ඉතින්...?
තදටම ගංජා ගහන කෙනෙක් වෙන්න ඇති... ගංජා ඉස්මුරුත්තා ගහලා... කොහේද වාහනවලට ගහන්නේ... මෙයා ගංජා ගහන කෙනෙක්...
පොලිසියේ මහත්තුරුන්ට මානසික රෝග ගැන පොඩි පුහුණුවක් දුන්නොත් හොඳයි...