
(කේ බුද්ධික කුමාරසිරි)
ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතමයකු බව කියන කඩවත ඉහල බියන්විල ප්‍රදේශයේ පදිංචි සැකකරුවකු සඟවා ඇති ආයුද තොගයක් පෙන්වීමට ගිය අවස්ථාවේ ගල්වලකින් පහළට වැටී තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි නවගමුව පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත් අඩංගුවට ගෙන සිදු කල ප්‍රශ්න කිරීමේදී ආයුධ තොගයක් කඩුවෙල වැයික්කිවත්තේ සඟවා තිබෙන බවට සැකකරු ලබාදුන් තොරතුරක් මත පොලිසිය විසින් සැකකරු එම ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ.
එම අවස්ථාවේදී සැකකරු විශේෂ කාර්ය බළකා නිළධාරීන්ගෙන් මිදී පළා යාමට තැත් කිරීමේදී සැකකරු එම ගල්වලින් පහතට ඇඳ වැටී බරපතළ තුවාල ලබා අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
මිය ගිය සැකකරු පළා යාමට තැත් කිරීමේදී සිදු වූ පොර බැඳීමේදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකා නිළදාරියකු ද තුවාල ලබා අතුරුගිරිය ප්‍රාදේශි රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ පොලිස් රෝහලට මාරු කර යවා ඇතැයි ද පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරුට බරපතල චෝදනා 13 ක් ඇතැයි පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ කඩවත ඉහල බියන්විල පදිංචිකරුවකු වන තුවාන් සිරාන් හාර්හාර් නමැතිවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
ඒ ප්‍රශ්නෙත් ඉවරයි.
පරණ කතාවම අපි අහනවා. ආයුධ පෙන්නන්න ගිය කිසිවෙක් යහතින් ආවේ නැත.
උණ්ඩ නාස්ති නොකර ආණ්ඩුවේ සල්ලි ඉතුරු කරන්න නේද මෙහෙම කරන්නේ?
පරණ තිර රචනය තරමක් වෙනස් කරලා - නමුත් රචකයාට අමතක වෙලා තිහෙනවා මාන්චු දාපු මනුස්සයෙකුට තව කෙනෙක් එක්ක පොර බදන්න බැහැ කියලා.
හා... හා.. අලුත් තිර පිටපතක්. ඒකත් දුර්වලයි.
ඉස්සර නම් ආයුද පෙන්වන්න යන කෙනා පොලීසියට වෙඩි තියන්න හරි බෝම්බ ගහන්න හරි හදනවා එතකොට පොලිසියෙන් වෙඩි තියනවා. දැන් ගල් වලවල් වලින් පහළට වැටෙනවා. ආයුධ පෙන්නන්න යනකොට මාංචු දාන්නෙ නැද්ද.
ආයුධ පෙන්වීම වහල්ද්වීපයේ අලුත් නීතියයි
සිදුවිය යුත්තේ එයම තමයි
පොලිස් අත්අඩංගුවේ සිටින අයගේ ආරක්ෂාවට වගකිව යුත්තෙක් නැතිද? ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව සිනමාපට නිෂ්පාදනයේ යෙදෙන බවක් පෙනෙන්නට ඇත. මදුෂ් නාටකය අපට නරඹන්න හැකි වුනා. එක් පාර්ශවයක මිනිමරු කුඩු මුදලාලිලාට ජනාධිපති සමාව ලැබි නැවත රජයේ උසස් තනතුරුත් ලැබෙනවා. තව පැත්තකින් මහදවල් බැංකු කැඩුවා කියන අය ජනාධිපති කරනවා. පහළ පංතියේ තවත් වැරදිකරුවන් පොලිසිය සමඟ ආයුධ පෙන්වන්න ගෙන යනවා. අවු..2500 කටත් වැඩි බෞද්ධ සංස්කෘතියක් ගැන පුරසාරම් දොඩන ඉන්දීය න් සාගරයේ මුතු ඇටයේ ප්‍රජාතන්ත්‍රවාදය මොන තරම් අලංකාරද?
දැන් මෙවැනි අපරාධකාරයින් දුවන්න ගිහින් ගල් වලකට වැටිලා මැරෙනවා. රජ කාලයේ රාජ නීතිය උනේ ගලෙන් පහලට තල්ලු කර මරා දැමීමයි.