
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගල්කිස්ස දිලංගා ගෝමස්)
තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා ඝාතනය කරන ලද පුද්ගල මළ සිරුරක් ගල්කිස්ස හුළුදාගොඩ ප්‍රදේශයේ පාළු ඉඩමක තිබියදී සොයා ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි පොලීසිය පවසයි.
ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රත්මලාන මහින්දාරාම පාරේ පදිංචිව සිටි කාවින්ද ගයාෂාන් රණවක නොහොත් ටිකිරා නමැති 23 හැවිරිදි පුද්ගලයෙකි . තම පුතු අතුරුදන් බවට මියගිය පුද්ගලයාගේ මව විසින් ගල්කිස්ස මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ?
නීතියක් නැති රටක්, මේ හැම දේටම වග කියන්න ඕන මත්ද්‍රව්‍ය උවදුර, කුඩු කරයක් අහු උන ගමන් කපුටෝ රැල වගේ උන්ගේ සල්ලි වලට වහවැටිලා උන්ව බේරා ගන්න ඉදිරිපත්වෙන කළු කෝට් කාරයෝ නිසා තමා මේ රට විනාශ වෙලා තියෙන්නේ.
නමින්ම පැහැදිලියි පැටිකිරිය . එක්කෝ පාතාලයකෙක්, නැත්තම් කුඩ්ඩෙක්.
ලංකාවේ පින් පඩි ගන්න මැති ඇමතිලට කිසිම සැලැස්මක් නැහැ, අපේ රටේ බරක්කවල හිරවෙලා ඉන්න විශාල හමුදාවන් කොටසක් සමාජයේ පැතිරීගෙන යන ඝාතන රැල්ල සහ අපරාධ රැල්ල නවතන්න යොදවන්න . මෙතෙක් මේ රටේ බලයට පත්වුණු භයානකම ආණ්ඩුව තමා මේ ආණ්ඩුව .අලුගොසුවන්ගෙන් සැදුම් ලත් ආණ්ඩුවක් මේක.