
(අංජුල මහික වීරරත්න)
ජපාන රජයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අපනයන සැකසුම් කලාප වල ගිනි නිවන ඒකක ස්ථාපිත කිරීම සහ උපකරණ වැඩි දියුණු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන අපනයන සැකසුම් කලාප තුළ නවීන ගිනි නිවන උපකරණ සහිත අභ්‍යන්තර ගිනි නිවන ඒකක ස්ථාපිත කිරීම මගින් ආයෝජකයින් තුළ විශ්වාසය ගොඩනැංවීමට හැකි වන බවත්, ක්ෂණික ප්‍රතිචාර හරහා ශ්‍රමිකයින් හා කර්මාන්ත දේපළ ආරක්ෂා කර ගනිමින් හානි අවම කර ගැනීමට හැකි වන බවත් හඳුනාගෙන ඇත.
ඒ සඳහා ජපන් ආර්ථීක හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් මිලියන 300ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 590ක) ප්‍රදානයක් මඟින් කටුනායක, බියගම, සීතාවක සහ වතුපිටිවල අපනයන සැකසුම් කලාප සඳහා ලීටර් 4000ක ධාරිතාවයකින් යුත් ගිනි නිවන රථ 4ක් සහ උපකරණ කට්ටල 12ක් ලබා දීමට ජපාන රජය විසින් එකඟතාව පළ කර තිබේ.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය සහ ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහයෝගීතාව මත සිදු කිරීමට නියමිතය. ඒ අනුව, යෝජිත ප්‍රදානය ලබා ගැනීම සඳහා අදාළ හුවමාරු පත්‍ර සහ අනෙකුත් ලියකියවිලි අත්සන් කිරීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආයෝජන කලාප වලට ජපන් ගිනි නිවන රථ