(ප්‍රසා
ද් රුක්මල් )
ධාරානිපාත වර්ශාවත් සමග බදුල්ල පස්සර පාලාවත්තේ සිදුවු ආපදාවන් වලින් පවුල් 150ක මිනිස් ජීවිත නිරුපද්‍රිතව බේරාගැනීමට පාලාවත්ත ශ්‍රී බෝධීරාජාරාම විහාරස්ථානයේ ව්හාරාධිපති ටිබෙට් ජාතික එස්.අමරජෝති හිමියන් සමත් වූහ.
බදුල්ල දිස්ත්‍රික්කයේ නොබෝදා පැවති ධාරානිපාත වර්ශාවත් සමග නායයාම් , පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටෙන බවට හැගීගිය පාලාවත්ත ශ්‍රී බෝධීරාජාරාම විහාරස්ථානයේ ව්හාරාධිපති හිමියන් ධාරානිපාත වර්ශාව මධ්‍යයේ අනතුරුදායක බව නොතකා අලුයම පාලාවත්ත ,ගඩාදිගොල්ල, කොළොන්ගස්පිටිය ගම්මානවලට සැතපුම් ගණනක් පාගමනින් යමින් මෙසේ අලුයම නිවෙස්වල නිදා සිටි ජනතාව අවදිකර අනතුරුදායක බව පහදා දෙමින් ජනතාවට වහා සිය විහාරස්ථානය කරා යන ලෙසට දැනුවත් කර අහිංසක ජනතාවගේ මිනිස් ජීවිත රැසක් මෙසේ බේරාගෙන තිබේ.
පාලාවත්ත ශ්‍රී බෝධී රාජාරාම විහාරස්ථානයේ ව්හාරාධිපති ටිබෙට් ජාතික එස්.අමරජෝති හිමියන් සිය බිහිසුණු අත්දැකීම මෙසේ විස්තර කළහ.
බදුල්ල දිස්ත්‍රික්කයේ නොබෝදා නොකඩවා පතිත වූ ධාරානිපාත වර්ශාවත් සමග එදා මම විහාරස්ථානයේ වැඩසිටියේ. කොහොම හරි මට රෑ එලිවෙනකල් නින්ද ගියේ නෑ.පසුව වර්ශාව බරපතළ තත්වයත් සමග ගමේ විශාල ආපදාවන් රැසක් සිදුව්‍ය හැකි බවට මට හැගීගියා. මම මහවැස්සේම අනතුරු දායක තත්වය නොසලකා අලුයම ගමපුරා තනියම ඇවිදයමින් ගෙයක්, ගෙයක් ගානේ ගොස් ජනතාව අවදි කර වහාම නිවෙස්වලින් ඉවත් වී ආරක්ශිත ස්ථානයක් ලෙස මගේ විහාරස්ථානය ට යන ලෙසට දැනුවත් කලා පාලාවත්ත ගඩාදිගොල්ල කොළොන්ගස්පිටිය ගම්මානවලට සැතපුම් ගණනක් දුර තනියම ආපදා තත්වය නොතකා මම ගිය නිසා පවුල් 150කගේ පමන මිනිස් ජීවිත මට නිරුපද්‍රිතව බේරා ගැනිමට හැකිවුණා .ඒ ගැන මට හරි සතුටුයි .පසුදින උදේ බලන විට ගම්මානයේ නිවාස රැසක් නායයාමට ලක්ව ගස්කොළන් පස්කදු ගල්පර්වත කඩා වැටී විනාශ වී තිබුනා .
දැන් මගේ පාලාවත්ත ශ්‍රී බෝධිරාජරාම විහාරස්ථානයේ අවතැන් වී සිටින එම ජනතාව අතර දැරුවත් ප්‍රසුත කිරිමට ආසන්න ගැබිනි මාතාවන් තිදෙනෙකු සිටිනවා. ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් නිරතුරුව සොයා බලමින් පවුල් සෞඛ්‍ය සේවිකා නිළධාරිනියක් දිවා රාත්‍රි කාලයේ කටයුතු කරනවා.
වර්ශාව නිමා උනත් අද (2) අලුයම් කාලයේ විශාල ගස් කීපයක් කඩා වැටී නිවාස කීපයකට හානි වුනා .එම ජනතාව මගේ විහාරස්ථානයේ සිටින නිසාවෙන් කිසිදු ජීවිත අනතුරක් සිදුවුනේ නෑ.
2025 දෙසැම්බර් මස 04
210
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
382
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
385
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආපදාවෙන් පවුල් 150ක ජීවිත බේරූ ටිබෙට් ජාතික යතිවරයාණෝ
ගුණරත්න Tuesday, 02 December 2025 07:23 PM
කඳුකර රටක හැදුණු නිසා උන්වහන්සේ තත්වය කල්තියා තේරුම් ගන්න ඇති, එතුමන්ට දීර්ඝායු ප්‍රාර්ථනා කරමි...
SunimalWednesday, 03 December 2025 05:34 AM
ගුනරත්න මහතාගෙ අදහස ඉතාම නිවැරදි වුණත් කාලකණ්ණි 24 කට ඒක වැරදියට පෙනිලා... හරිම කණගාටුයි.
කෞෂි Wednesday, 03 December 2025 10:50 AM
මේ ගුණරත්නට ඩිස්ලයික් දාන්නේ අදහස වැරදි හින්දා නොවේ මට හිතෙන්නේ. වැදි බණ කියනවාට. හොරාකාපු මිනීමරුවෝ පන්සල්, පල්ලි හදලා දෙන රටක්නේ මේක...
සමන් විමල් Wednesday, 03 December 2025 10:55 AM
මේකට ඩිස්ලයික් දාපු අය මොක්කුද ? ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් නීරෝගී වේවා...!
දිමුත්Wednesday, 03 December 2025 11:54 AM
දැන් ලංකාවේ අමුතු සෙට් එකක් ඉන්නවා බෞද්ධ දේවල් රුස්සන්නෙ නැති...
Bunny Preena Wednesday, 03 December 2025 10:56 AM
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නියම බුද්ධ පුත්‍රයෙක්... උන් වහන්සේට නිරෝගී ජීවිතයක් සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.