(අංජුල මහික වීරරත්න)
හදිසි ආපදා තත්වය හේතුවෙන් විදුලිය අහිමි වූ ලක්ෂ 39ක පමණ පාරිභෝගික ජනතාවගෙන් 85% කට පමණ යළි සම්බන්ධතා ලබා දීමට හැකි වූ බව විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත මහතා පවසයි.
ආපදා මෙහෙයුම් මාධ්‍ය මධ්‍යස්ථානයේදී අද (04) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව පැවසුවේය.
විදුලි පාරිභෝගිකයන් ලෙස කෝටි 7ට ආසන්න පිරිසක් රට පුරා සිටින බවද ඒ අතරින් ලක්ෂ 39කට විදුලි සම්බන්ධතා බිඳ වැටුණ බවද ඔහු පැවසුවේය. ඔවුන්ගෙන් 85%ට පමණ මේ වන විට යළි විදුලි සම්බන්ධතා ලබා දීමට හැකිවි ඇති බව සාමාන්‍යාධිකාරිවරයා පෙන්වා දුන්නේය.
ඇති වු හදිසි ආපදා තත්වය තුළ ට්‍රාන්ස්ෆෝමර් 16,771ක් අක්‍රිය වු අතර එයින් 14,549ක් යළි ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇති බවද ඔහු සඳහන් කළේය. ඉතිරි බිඳ වැටුණ සම්බන්ධතාද කඩිනමින් යථාවත් කරන බවද මෙම ක්‍රියාවලියේදී එක් විදුලි සේවකයෙක් ජීවතක්ෂයට පත් වු බවද ඒ පිළිබඳව කණගාටු වන බවද සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේය.
2025 දෙසැම්බර් මස 04
59
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
363
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආපදාවෙන් ට්‍රාන්ස්ෆෝමර් 16,771ක් කැඩිලා
Perera Friday, 05 December 2025 09:04 AM
ටිකක් දිට්ට ධම්ම වේදනීය කර්මයක් වගේ නේ
janahitha Friday, 05 December 2025 09:26 AM
නැවත සවි කරමු මුදල් සොයා ගමු පසු නොබැසමු නැගි සිටිමු
Lal Friday, 05 December 2025 10:23 AM
88/89 වාගේම තමා