IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ආපදාවෙන් කැඩුණු හිත් හදන වැඩක් බදුල්ලෙන් අරඹයි

(අංජුල මහික වීරරත්න)

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වී සුරක්ෂා මධ්‍යස්ථානවල රැඳී සිටින දරු දැරියන් සහ වැඩිහිටි ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමේ අරමුණින්, 'Clean Sri Lanka' වැඩසටහන යටතේ සංවිධානය කරන 'Beyond Recovery' දීපව්‍යාප්ත වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය   බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.

මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරහෙල මහා විද්‍යාලයේ සහ කනුගොල්ල සුමනාරාම විහාරස්ථානයේ ස්ථාපිත සුරක්ෂා මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම 'Beyond Recovery' සමාරම්භක වැඩසටහන පැවැත්විණි. 

මේ වන විට මොරහෙල මහා විද්‍යාලයේ පවුල් 118 කට අයත් පුද්ගලයෝ 279 දෙනෙක් සහ කනුගොල්ල සුමනාරාම විහාරස්ථානයේ පවුල් 101 ක සාමාජිකයෝ 288 දෙනෙක් තාවකාලිකව රැඳී සිටිති.



අදහස් (1)

ආපදාවෙන් කැඩුණු හිත් හදන වැඩක් බදුල්ලෙන් අරඹයි

User 7bV0n2 Thursday, 11 December 2025 02:43 PM

දවසින් දවස අලුත් නාය යෑම් මතුවෙනවා. මධ්‍යම පළාත මූලික කරගෙන කදු පන්ති නාය යනවා, ගොවිතැනක් කරගෙන රටට බත, එළවලු ටික සපයපු ඒවගේ උන්නු අහිංසක මිනිස්සු, වගා කරගෙන ඉන්න පුළුවනි... රජයෙන් ගෙවල් හදා ගන්න සල්ලි දීලා ඉඩම් දුන්නා නම් කදු නැති තැනිතලා ප්‍රදේශ වලින්. වව්නියාව, කිලිනොච්චි, මන්නාරම, අම්පාර, තීකුණාමලය හොදයි අලුත් ගම්මාන හදලා ජනතාව පදිංචි කරවන්න. දිගු කාලින විසදුමක් ඕනේ, කදු වල කැලෑ වවන්න වෙනවා, මහාමාර්ග, නව දුම්රිය මාර්ග, ජලය, විදුලිය, රෝහල් හා පාසල් වගේ යටිතල පහසුකම් ටික හදලා දෙන එක රජයේ වගකීමක්. අලුත් ගම්මාන නිසා ඉක්මනට දියුණු වෙයි, සෞදි රජයෙන් 2004 සුනාමි ආධාර විදිහට හදල දුන්න ගෙවල් 500 ක් වව්නියාවේ නිකම් වහල දාලා, ඒවගේ මේ අසරණ මිනිස්සු පදිංචි කරවන්න. දැනට අවුරුදු 19 ක් තිස්සේ ඒ ගෙවල් නිකම් වහල දාල තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site