IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආණ්ඩුව කොළඹ බලය ඇල්ලූ කතාව බොරු

(සුජිත් හේවාජුලිගේ)

මාලිමාව කොළඹ මහ නගර සභාවේ බලය ඇල්ලූ බව සඳහන් කරමින් ආණ්ඩුව  ඔවුන්ට හිතවත් සමාජ මාධ්‍ය යොදාගෙන බොරු මාධ්‍ය ෂෝ එකක් කරන බව  සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

විපක්ෂය බියට පත් කිරීමේ අරමුණින් කරන මෙම මාධ්‍ය ෂෝ එකෙන් පෙන්නුම් කෙරෙන්නේ ආණ්ඩුව  බියට පත්වී ඇති තරම බවද හෙතෙම සඳහන් කළේය.

කොළඹ මහ නගර සභාවේ නම් පවා ගැසට් කර නොමැති අවස්ථාවක ආණ්ඩුව  බලය පිහිටුවා ඇතැයි පවසන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන රහුමාන් මහතා එහි බලය කාටදැයි තීරණය කෙරෙන්නේ පළාත් පාලන කොමසාරිස්වරයා  ලබන  2 වැනිදා පවත්වන ඡන්ද විමසීමේදී  බවද ප්‍රකාශ කළේය.

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජනාධිපතිවරයා මැදිහත්වීමෙන් පෙන්නුම් කෙරෙන්නේද ඔවුන් බියට පත් වී ඇති තරම බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ බලය පිහිටුවීමේදී ස්වාධීන කණ්ඩායමේ කිහිපදෙනෙකුද විපක්ෂය සමග සිටින බව ඔහු අවධාරණය කළේය.



අදහස් (4)

ආණ්ඩුව කොළඹ බලය ඇල්ලූ කතාව බොරු

සෙනෙවිරත්න Saturday, 24 May 2025 06:28 PM

ඔහෙලා කරන්නෙත් ඒකමනේ. අඩුමගානේ රජයට තව සභිකයින් කීප දෙනයි අවශ්‍ය, තමුන්ලාට කොපමණ එකතු කරගන්න ඕනෑද, අඩුම ගානේ නගරාධිපතිවරයාවත් නම්කර ගන්න බැරිව ඔහෙලා තමයි කයිවාරු ගහන්නේ...!

:       63       61

Mohamed Fairoze Saturday, 24 May 2025 08:37 PM

ඔයාලට පුළුවන් නම් නගරසභාව බලය අරගෙන පෙන්වන්නකෝ. නිකන් බොරු ෂෝ එපා මුජිබර්... ඔයාලට තියෙන්නේ කුහක කම...

:       2       9

රුවන් Sunday, 25 May 2025 05:32 PM

හරියට පන්තියේ පළවෙනියා ලකුණු 75ක් අරන් හැබැයි ලකුණු 35ක් අරන් ඉන්න කෙනා කයිය ගහනවා...

:       2       7

Perera Monday, 26 May 2025 12:34 AM

සජබේ බලයට වන්නේ මොකද්ද කියලා රටම දන්නවා. ආසන සංවිධායකයන් හයක් දාලා ගිහිං එයාලගේ අයව පුංචි මන්ත්‍රීලා කලේ නෑ කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site