
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව ඇවිත් අවුරුදු එකහමාරකට වැඩි වුවත් තාම කරන්නේ පහුගිය ආණ්ඩු වලට ඇඟිල්ල දිගු කරමින් සිටීම පමණක් බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
"තවමත් පහුගිය ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා .පොලිසියත් මෙයාලගේ. අධිකරණ අමාත්‍යවරයාත් මෙයාලගේ. ආණ්ඩුවත් මෙයාලගේ. තුනෙන් දෙකක් තියෙනවා කිව්වා. මල් පැල ගෙනාවා කිව්වා .
ඉතින් ආණ්ඩුව මල් පැළ කියලා ගෙනාවේ ගංජ පැළ යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ මහාධිකරණයට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ කියන්නේ, අපිනම් පිස්තෝල, කඩු පොලු දික්කරන්නේ. මේ ආණ්ඩුව හරිම දුර්වලයි. කකුල් කඩලා කාර්වල දාලා හැප්පුණා කියලා ඔප්පු කරගන්නවත් බෑ. අපි නම් ඇට කෑලිත් ගෙදර ගෙනියනවා...
ආසියාවේ ආස්චර්ය සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා ජනතාව රවට්ටලා බලය ගත්තු අය කෙරුවේ, පව්ලේ අයව කිට්ටු කරගෙන, මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු එක,... සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනිමෝරු කරවපු හැටි ලෝකෙම දන්නවා . ජනතා අරගලයකින් එළවළාම දැම්මේ නිකම්ද?
ඒකනේ, මොවුන් තාම හොරකමක්වත් කළේ නැහැ. මිනිස්සු දුන්නු කෝටි ගණන්වල ආධාර වලට විදින්න තිබුණා නේද උන්නා නම්...?
ඒකනෙ කාමත් අවශ්‍ය දේ දික්කරා නම් තමනුත් ඇතුලේ. තමන් කරපු දේ බලන්න යන්න කන්නාඩිය ළගට. හොදින් බලන්න එවිට පෙනේවි ඇගිල්ල දික්වෙලා තියෙන්නෙ කාටද කියලා...
අප්ප පැරදිලා ගිහින් ජනේලේ එල්ලිලා ආයෙත් හැරිලා නුගේගොඩට ඇවිත් රනිල් -මයිත්‍රී ට රට කරන්න දුන්නේ නැහැ අල කීයද ,ළුණු කීයද කියල නටල රට අරගෙන බංකොලොත් කරලම දැම්ම දැන් පුතණ්ඩිය ,පැරදිලා මාසයක් ගෙදර ඉන්ට තරම් ඉවසීමක් මුන්ට නැහැ නේ. මුන් හිතන් ඉන්නේ රට මැදමුලනට අයිති කියල.
යකඩ කූරු ගනින්න ඕන අපතයෙක් පූචානම වපුරනව.කාගේ දුර්වල කමද?
මරි මෝඩකම දෙකොනෙන් බේරෙනවා
ඔබේ නෑදෑයෙකුට රජයෙන් (මහජන අරමුදල්වලින්) සොරකම් කළ "සියලුම මුදල්" භාණ්ඩාගාරයට ආපසු ලබා දෙන ලෙස පැවසීම ගැන කුමක් කිව හැකිද? එවිට ඔබට රැකියාවෙන් ඉවත් විය හැකිය.
හොර පෙරකදෝරුවා ගියෙ නැත්ද අනිත් අයත් සමග උද්ගෝශනයට. උබලට වෙන වැඩක් නැත්ද ආන්ඩුවෙ වැරදි හොයන්නෙ. වද මල්ලි. බිසවයි ඔස්ට්ර්ර්ලියාවෙන් ගෙවල් අර ගත්තෙ කොහොමද මිලියන ගානන්. පින්ගුතරයො තුන්දෙනාට සැප ගන්න නේ හිතන් හිටියෙ. නාකිමයිනා අමාරුවෙන් හොරකම් කරපුවා ගගට කැපු ඉනිවගෙ. පපුවට අත තියා ගත්ත ගමන් හිටියේ. දැන් ඔය ගෙවල් කතාවත් බොරුද. උබගෙ. බ්‍රෝකර් මගෙ හොද යාලුවෙක්. සේරම වමාරනවා. උබලා උඩ පැන්නා වැඩිවුනා ඔප්පු කරලා පෙන්වන්න කිව්වා පිටරට ගෙවල්. වද මල්ලි. ගිහින් රටින් පැනලා ගිහින් ඕවද කෙරුවේ. ගොබ්බ මයින් පැටියා