
(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි සහ ගයාන් සූරියආරච්චි)
මීරිගම මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ පසුගිය 18 මධ්‍යම රාත්‍රියේ සිදු වූ රිය අනතුරින් මියගිය කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරියද අද (26) අලුයම මරණයට පත්වී ඇතැයි කොළඹ ජාතික රෝහල කියයි .
මෙසේ මියගොස් ඇත්තෙ මාකොළ දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි සතීෂා ගයන්ත මහත්මියයි.
මෙම අනතුරින් දරුවන් තිදෙනා ඇතුළු හය දෙනෙකු තුවාල ලැබු අතර , බරපතල තුවාල ලැබූ ඇය දියණියන් දෙදෙනා හා පුතු සමඟ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත.
කථිකාචාර්යවරයාගේ ඥාති සොහොයුරාද ඉකුත් දිනෙක ප්‍රතිකාර ලබමින් සිටිද්දී මරණයට පත් වූ අතර ඒ අනුව මෙම අනතුරින් මියගිය ගණන තුනක් දක්වා ඉහළ ගොස් තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී. ගුණේන්ද්‍ර. ගයන්ත( 45) මහතා ඇතුළු පවුලේ පිරිස වෑන් රියකින් යාපනයේ සිට ආපසු නිවස බලා එමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුර ගමන් යාමේදි රියැදුරු සමග කථා කර කර යාම එ අසල සිටින පුද්ගලයාගේ වගකිමක් වේ. නිදා නොගෙන වේගය පාලනයට, රියැදුරාට නින්ද නොයාමට...
මේ ආචාර්යතුමා මගේ වයසේමයි, රියැදුරාගේ නොසැලකිලිමත්කම නිසා මරණ 3ක් වුණා. හයිවේ යනකොට හෙමින් යන ලොරි රථවල වේගය නිශ්චය කරන්න අමාරුයි... ඒවා වලත් පිටුපස ආලෝක කර නැති නිසා හොඳින් දර්ශනය වෙන්නෙත් නැහැ. ඉතින් බොහෝම ප්‍රවේශමෙන් රිය පදවන්න ඕනෑ..
මේ රටවලට සාපේක්ෂව ලන්කාවේ දිනෙන් දිනම සිදුවන රිය අනතුරු ප්‍රමාණය හොඳටම වැඩියි. හරිම කණගාටුදායකයි.
දැන් ඉතින් දරුවන් තුන්දෙනා අනාතයි.
මෙවන් අකල් මරණ මේ උත්තමයන්ට යළි නොවේවා. ප්‍රශ්න හුඟක් ඉතුරු කරලා ගියා. සමාජීය, ප්‍රායෝගික දැනුම වගේම හුඟාක් ඒවා...
අතිශයින්ම ශෝකජනක පුවතක්. උපරිම වේගය 100 ට සීමාකරල තියෙන්නෙ අනතුරු වැලැක්වීමටයි. 100 ට අඩුවෙන් ගියානම් මේ අනතුර වලක්වාගන්න තිබුනා. දැක්ඉතින් වෙන්නවුන දේ වෙලා හමාරයි.
පොඩි දරුවො 3 දෙනෙක් එක්ක පැයට කිමී 160ට යනකොට නිකංවත් හිතුනෙ නැද්ද ඔහොම යන්න එපා කියන්න. දියුණු රටකවත් මේ වේගෙන් යන්න ඉඩ දෙන පාරවල් තියෙනවාද කියලා මම දන්නේ නැහැ. අපේ රටේ safety කියන දේ ගැන කිසිම තැකීමක් නැහැ. මේ රටේ මිනිස්සු හිතන් ඉන්නේ තමන් මැරෙන්න පුලුවන්, ලෙඩක් හැදිලා, එහෙමත් නැත්නම් වයසට ගිහිල්ලා විතරයි කියලා.