
(සුජිත් හේවාජුලිගේ)
ජීව විද්‍යා ක්ෂේත්‍රයේ නව සොයා ගැනීම් ගණනාවක් කළ ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ගයානි සෙනවිරත්න මහත්මිය මෑතකදී කළ නව පරීක්ෂණයකින් මිනිස් පරිණාමය සම්බන්ධයෙන් ලොවම මවිත කළ තොරතුරු රැසක් අනාවරණය කිරීමට සමත් වූවාය.
මිනිසාට කෙලින් ඇවිදීමට ප්‍රධාන වශයෙන් බලපාන ශ්‍රෝණියේ හැඩතල කාලයත් සමග වෙනස් වීමට පාදක වන ජාන වෙනස්කම් දෙකක් සොයා ගැනීමෙන් ඇය මෙම පෙරළිය කළාය.
මෙම සොයා ගැනීම සඳහා සෙනවිරත්න මහත්මිය මිනිසුන්ගෙන් සහ ප්‍රයිමේටාවන්ගෙන් ලබාගත් කළල පටක සාම්පල එකසිය විසි අටක් විශ්ලේෂණය කළාය.
මිනිස් ශ්‍රෝණියේ විශාල අවධි දෙකකින් පරිණාමයවී ඇති බව එහිදී සුවිශේෂයෙන් සොයා ගැනිණ.පළමු පරිණාමීය පියවරේදී වර්ධන පටකය( වර්ධනය සිදුවන අස්ථියේ කොටසක්) අංශක 90කින් භ්‍රමණය වන බවත් දෙවැනි පියවරේදී කලල රූපය තුළ අස්ථි වර්ධනයට බලපාන තවත් වෙනසක් සිදුවන බවත් ඇය මෙලෙස සොයා ගත්තාය.
මෙම නව සොයා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වන හාවඩ් විශ්ව විද්‍යාලයේ මානව පරිණාමීය ජීව විද්‍යා අංශයේ මහාචාර්ය ටෙරන්ස් කැපිලෙනි මහතා පවසන්නේ ගයානි කළ කටයුත්ත දැවැන්ත සාර්ථකත්වයක් බවයි.
ඇය මීට පෙරද සාර්ථක පරීක්ෂණවලින් ජීව විද්‍යාත්මක නව සොයා ගැනීම් ගණනාවක් කළාය. ඒ වෙනුවෙන් ඇය ජීව විද්‍යාවට අදාළව පිරිනැමෙන කීර්තිමත් සම්මානයක් වන Helen Hay Whitney Fellowship සම්මානයද වරක් දිනා ගත්තාය.
මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ගයානි සෙනවිරත්න පේරාදෙණි විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයෙන් පළමු පන්තියේ උපාධිය ලබා චිකාගෝ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමිකර ගත්තාය.
ඇය හිටපු සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්න මහතාගේ දියණියකි.

2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආචාර්ය ගයානිගෙන් පරිණාම වාදයට අලුත් පිටුවක්
Perakum Liyanagama Sunday, 31 August 2025 12:03 PM
ආචාර්ය ගයානිට අපගේ ප්‍රණාමය. ශ්‍රීලංකා බලධාරින් ඇයගේ ක්‍රියාකාරකම් ඇගැයීමට කටයුතු කළ යුතුයි.
saman Sunday, 31 August 2025 02:12 PM
පරිණාමවාදයත් හරියට මිනිස්සු හදට යැව්වා වගේ... ඔප්පු කරන්න කිසිම සාක්කියක් නෑ.
PereraMonday, 01 September 2025 08:51 AM
@saman, 1969 හඳට යන්න දැනුමයි තාක්ෂණයයි තිබුණා නම්, ඒ දියුණු වත් එක්ක අද වෙනකොට වෙනත් ග්‍රහලෝක වලටත් ගිහින් හඳේ මිනිසුන්වත් පදිංචි කරලා තියෙන්න ඕන. දියුණුව අල්පයි බලාගෙන යනකොට.
ගුණරත්නMonday, 01 September 2025 01:29 PM
හඳට ගියා කියලා ඇමරිකන් අය කියන කතා පිළිගන්න එපා. ඒ වුණාට තුන්වන පාර්ශවයේ සාක්ෂි තියෙනවා පිළිගන්න පුළුවන් ඒවා. හඳේ මෑතක ගැන ඉහළ විභේදනයක් තිබෙන ඡායාරූප තිබෙනවා... ඒවා වල පැහැදිළිවම ඇපලෝ මෙහෙයුම කළ ස්ථානවල අතහැර දැමූ යානා කොටස් තිබෙනවා... ලූනා රෝවරයේ මාර්ග ලකුණු තවමත් තිබෙනවා. මේ ගැන විකිපීඩියා සම්පූර්ණ පිටුවක් තිබෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒවා සංස්කරණය කරලා බොරු කියලා ඔප්පු කරන්න ඕනෑහැටියේ ඉඩත් තිබෙනවා. පරිණාමවාදය ඔප්පු කරපු සත්‍යයක්. ඒ සම්බන්ධයෙන් මෑතකාලීන සාක්ෂි ඕනෑතරම් තිබෙනවා. ඔය වගේම පොලොව පැතලි කියා වගේම මොට්ට මෝඩ අදහස් දාල පොඩි උන්ගේ ඔලු කන්න එපා....
අරවින්ද මොණරවිල Monday, 01 September 2025 02:12 PM
අඩේ අප්පා ගුණේ අයියා පරිණාමය වෙලා තියෙන තරම්, වහලෙක්ට මේ තරම් දැනුමක් කොහෙන්ද අම්මා...? කොහොම වුණත් කිව්ව කතාවට රෙස්පෙක්ට්...
Ahmed (Gulf) Monday, 01 September 2025 12:17 AM
මෝඩ විකාර.
ගුණරත්නMonday, 01 September 2025 01:32 PM
මොකක්ද මෝඩ විකාර? ශ්‍රීලංකා විද්‍යාඥවරියක් මිනිස්සු ඇවිදින්න හේතු විය හැකි ප්‍රධානම සාක්ෂියක් හොයාගෙන, මේක තවමත් සතර පයින් යන වානරයින්ට නම් හිත අමාරු ප්‍රවෘත්තියක් තමයි...