IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අ‘පුර ඥාන අක්කාගේ නිවසත් ගිනිබත්

 

( රොමේෂ් මධුෂංඛ)

අනුරාධපුර ඥානඅක්කාගේ නිවසට, දේවාලයට සහ හෝටලයට අද (10) අලුයම් කාලයේදී කඩා වැදුණු අරගලකරුවන් ගිනිතබා සම්පූර්ණයෙන්ම විනාශ කර ඇතැයි පොලීසිය කියයි.

අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවස ඉදිරිපිට අරගලකරුවන් පැමිණේවි යන අවදානම හේතුවෙන් යුදහමුදාවේ 200 කට ආසන්න පිරිසක් කැඳවා ආරක්ෂාවටද යොදවා තිබීම විශේෂත්වයක් විය.

කෙසේ වෙතත් අරගලකරුවන් අද අලුයම 1ට පමණ පළමුව ඥානක්කාගේ නිවසට කඩා වැදුණු අතර එහිදී යුදහමුදාවේ සෙබලු පළමුව නිවස ආරක්ෂා කිරීමට පියවර ගත්තද පසුව අරගලකරුවන් ඥානක්කාගේ නිවස වටා ඉදිකොට තිබූ බැම්ම කඩා ඇතුලු වීමත් සමග යුදහමුදාව පසෙකට වූහ.

අනතුරුව අරගලකරුවන් විසින් ඥානක්කාගේ නිවසේ බඩු බාහිරාදියද සමහරක්  ගම්වාසීන්ට බෙදා දීමෙන් පසුව නිවසට ගිනිතැබීම සිදුකළ අතර නිවස සම්පූර්ණයෙන්ම විනාශ වීි තිබේ.

ඉන්පසුව දේවාලයට කඩා වැදුණු අරගලකරුවන් එහිදී ආගමික පිළිම කිසිවකටත් හානි සිදු නොකළ අතර දේපලවලට පමණක් හානි කර ඉවත්වූහ.

අවසානයේ නුවර මාර්ගයේ පිහිටි ඥානක්කාගේ බවට සැලකෙන හෝටලයට කඩාවැදුනු අරගලකරුවන් විසින් හෝටලයේ සියලුම දේපල කඩා විනාශ කොට ගිනිතැබීය.

කෙසේ වෙතත් ඥානක්කාගේ නිවසට තිබූ ආරක්ෂාව නිවසට ගිනිතැබීමෙන් අනතුරුව දේවාලයට සහ හෝටලයට ලබා නොදී ආරක්ෂාක අංශ ඉවත්වීමටද පියවර ගෙන තිබුණි.

 



අදහස් (1)

අ‘පුර ඥාන අක්කාගේ නිවසත් ගිනිබත්

Piyal Tuesday, 10 May 2022 12:12 PM

හපොයි ඥානඅක්කේ...මොකද උනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site