IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


අහිංසකයන්ගේ මුදල්වලට විද්ද අක්කා නගෝ මාට්ටු

(රෝෂන් තුෂාර)

ප්‍රසිද්ධ දැන්වීම් පළ කර මහජන ආධාර පතන රෝගීන්ගේ ගිණුම් වලට ඇතුළත් වී රුපියල් ලක්ෂ 250කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන අක්කා නගෝ සහ මවගේ අනියම් සැමියා ලබන 19වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (07)නියෝග කළේය .

මුදල් ආධාර ලබා දෙන බවට පවසා රෝගීන්ගේ පුද්ගලික තොරතුරු ලබාගෙන ,එම තොරතුරු භාවිතා කරමින් ජංගම දුරකථන සිම්පත් වල පිටපත් හරහා මෙම වංචාව සිදු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය .

අදාල දුරකථන සමාගම් වලින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර වංචනිකව ලබාගත් සිම්පත් ඔස්සේ අන්තර්ජාලය මගින් වෙනත් ගිණුම් වෙත හුවමාරු කර හෝ රත්රන් බඩු ඇතුළු විවිධ භාණ්ඩ මිලදීගෙන online ක්‍රමයට මුදල් ගෙවා මෙම වංචාව සිදුකරන බවටද කරුණු ඉදිරිපත් කළේය .

ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක රියලිටි වැඩසටහනක ගායෙකුගේ ගිණුමෙන් රුපියල් ලක්ෂ තිස් අටක මුදලක් වංචා කිරීමට එරෙහිව සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය .

ලිව් කේමියා රෝගයෙන් පෙළෙන ගායන ශිල්පියාට කුලු පගුව කතා කර රුපියල් ලක්ෂ පහක ආධාර මුදලක් ලබා දෙන බවට පවසා තොරතුරු ලබාගෙන ඇති බවද , මහජන ආධාර වශයෙන් ගායන ශිල්පියාගේ ගිනුමට ලැබී තිබූ රුපියල් ලක්ෂ හැත්තෑ අටක මුදලින් ලක්ෂ තිස් අටක් මෙසේ වංචනිකව ලබාගෙන ඇති බවද ,පරිගණක අපරාධ අංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය .



අදහස් (2)

අහිංසකයන්ගේ මුදල්වලට විද්ද අක්කා නගෝ මාට්ටු

බද්රානි Thursday, 07 December 2023 08:07 PM

මම නම් කියන්නේ ඔය ආධාර පතන අයත් හොර තක්කඩි කියලයි... ලංකාවේ කලාකාරයින් අසනීප වුණාම ජනතාවගෙන් හිඟාකනවා.. ජීවත්වෙලා ඉන්නකම් දේශපාලකයින්ට කඩේ යනවා. ඇත්තටම මොවුන්ට ලැජ්ජාවක් ඇත්තේම නැද්ද? හැමදාම නොමැරී මේ ලෝකේ ජීවත් වෙන්නද කල්පනාව? අසරණ ජනතාවට පව්දෙන මෙවැන්නන්ගෙන් හොරකම් කළාට මම නම් දොස් කියන්නේ නැහැ.

:       2       1

Nihal Thursday, 07 December 2023 09:17 PM

ආදාහනය කල යුතුය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 965 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1024 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site