
(අමදෝරු අමරජිව)
ත්‍රිකුණාමලය , පුල්මුඩේ අරිසිමලේ ආරණ්‍ය සේනාසනය ඉදිරිපිට මහා පරිමාණයෙන් සිදුකළ වැලි කැනිමක් සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ බව භූ විද්‍යා හා පතල් කැනිම් කාර්යංශය කියයි.
එම කාර්යාංශයේ ත්‍රිකුණාමල ප්‍රාදේශිය කැනිම් ඉංජිනේරු කේ.විග්නේෂ මුර්ති මහතා ඇතුලු කණ්ඩායමක් එහි ගොස් වැටලිම සිදු කරද්දි කිසිවකුත් නොසිටි අතර එහි තිබු ස්කැවේටර් දෙකක් අත්අඩංගුවට ගෙන පුල්මුඩේ පොලිසියට භාරදිමට කටයුතු කෙරිණි.
කැනිම් ඉංජිනේරු කේ.විග්නේෂ මුර්ති මහතා පවසන්නේ තම කාර්යාංශයේ නිසි අවසරයක් හෝ බලපත්‍රයක් නොමැතිව සමාගමක් මෙම වැලි කැනිම් සිදුකර ඇති බවත් සිදු වි ඇති හානිය අනුව සතියක් තුළ වැලි ටොන් 35000 ක් ඉවත්කර ඇති බවත් ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගෙ අම්මගෙන් පෙන අහනව වගෙ වැලි ටොන් 35000 ක් කපන කම් නිදි වැදිල හිටියද?