
(සුජිත් හේවාජුලිගේ)
අස්වැසුම ප්‍රතිලාභීන්ට සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී ඇත.
එම ආහාර පැකේජය පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට සහ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නිදහස් හා සාධාරණ මැතිවරණයක මෙවැනි කටයුතු වලින් බාධා විය හැකි හෙයින් කොමිසම මෙම තීරණය ගෙන ඇත.
අයවැය යෝජනාවකට අනුව මෙම ආහාර පැකේජය ලබාදීමට තීරණය කෙරුණේ අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් 812753 කින් යෝග්‍ය ප්‍රතිලාභීන් සඳහාය.
රුපියල් 5000ක් වටිනා මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ල රුපියල් 2500ක සහන මිලකට ලබාදීමට පසුගියදා කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමිවිය. ඒ අනුව මෙම ආහාර මල්ල පසුගිය 1 සිට ලබන 13 වැනිදා දක්වා ලංකා සතොස සහ කෝප් අලෙවිසල් හරහා බෙදා හැරීමට සැලසුම් කර තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සහන මල්ල එපා. රටපුරා පැතිරී ඇති අපරාධ රැල්ල නවත්තන්න. මෙයාලත් හවුල් වගේ... ඇතැම් පරීක්ෂාවලින් තේරෙනවා.
ගිය ආණ්ඩු කාලේ නම් මේ වගේ ඒවා හරි ඉක්මණින් කෙරුණා, දැන් දවස් 4ක් ගිහින් සෑහෙන පිරිසක් පගාව ගත්තාටත් පස්සේ අස්සයා ගියපු ඉස්තාලේ වගේ නැවැත්තුවා. කාටද මේ විහිලු සපයන්නේ?