IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


අසාධු ලේඛනගත සමාගමකට කෝටි 4 ක බෙහෙත් ටෙන්ඩරයක් ?

(යොහාන් භාසුර)

‘ක්ලොර්හෙක්සීඩීන්’ නම් මුඛය පිරිසිදු කිරීමට භාවිතා කරන විෂබීජ නාශක දියර බෝතල් 270,000 ක් මිලදීගැනීමට රුපියල් මිලියන 37 කට (කෝටි 4 ආසන්න) ආසන්න වටිනාකමකින් යුතු ටෙන්ඩරයක් අසාධු ලේඛනගත කර ඇති ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නැති සමාගමකට ප්‍රදානය කිරීමට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ටෙන්ටරය මණ්ඩලය සූදානම් වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

මෙම ටෙන්ඩරය සම්බන්ධව වහාම විමර්ශනයක් කර මෙම අක්‍රමිකතාවට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් වෛද්‍ය චමල් සංජීව මහතා ඉල්ලීමක් කරයි.

අදාල බංග්ලාදේශ සමාගම මෙරට රජයට ගෙවිය යුතු රුපියල් මිලියන 130 කට ආසන්න මුදලක් නොගෙන වීම මත අසාදු ලේඛනගත කළ සමාගමක් බවත් ‘ක්ලොර්හෙක්සීඩීන්’ නැමැති නිෂ්පාදනය සඳහා මෙම ටෙන්ඩරයේ ප්‍රදානය කරන වන විටත් ඖෂධ නියාමන අධිකාරියේ නිසි ලියාපදිංචිය හෝ ලොව පිළිගත් ලෝක සෞඛ්‍ය සංවිධාන රසායනාගාරයක ප්‍රමිති සහතිකය අදාල සමාගම ගෙන නොමැති බවත් සංජීව මහතා කීය.

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා ඇතුළු එහි ටෙන්ඩර් කමිටුව තීරණය කළේ කුමන පදනමක් මතදැයි විමර්ශනය කළ යුතු බව කියන චමල් සංජීව මහතා මෙම සමාගමට ඉහත සම්පූර්ණ බෝතල් ප්‍රමාණය සඳහා ඇමෙරිකානු ඩොලර් 124,200 ක් හෙවත් රුපියල් මිලියන 37 කට ආසන්න මුදලක් වටිනා ටෙන්ටරය ප්‍රදානය කිරීමේදී ටෙන්ඩර් කමිටුවේ පරස්පර විරෝධී තීරණ කිහිපයක් නිරීක්ෂණය වන බව ද ඒ මහතා සඳහන් කළේය.

පසුගිය දෙසැම්බර් මාසයේදී නව රජය යටතේ පත්කළ නිලධාරීන් මෙම ගනුදෙනුව කර ඇති බැවින් වහාම මේ සම්බන්ධව විමර්ශනයක් සිදුකර ආක්‍රමිකතාවක් වී ඇත්නම් වගකිව යුතු නිලධාරීන් සම්බන්ධව පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ද වෛද්‍ය චමල් සිජීව මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

 



අදහස් (6)

අසාධු ලේඛනගත සමාගමකට කෝටි 4 ක බෙහෙත් ටෙන්ඩරයක් ?

ජයනාත් Sunday, 12 January 2025 07:25 AM

රට කවදා හරි ගොඩ යන්නේ දූෂිත දේශපාලකයන් වගෙම දූෂිත නිලධාරීන් ද ගෙදර ගිය දවසට

:       0       7

pj Sunday, 12 January 2025 07:44 AM

කෙටි පාරෙන් පුනරැදයට..

:       4       7

රම්බොඩ Sunday, 12 January 2025 09:23 AM

හිටපු හොරු එළවලා අලුත් හොරු ඇවිත්.

:       13       25

යෝගා Sunday, 12 January 2025 09:45 AM

කුට්ටිය දැනටමත් පැලවත්තට ගිහිල්ල ඇති. රංවලගෙ කේස් එක වගේම තමයි. ඕකට ලොක්කා කිසිම පියවරක් ගන්නේ නෑ

:       18       19

Perera Sunday, 12 January 2025 10:58 AM

හොරු එළෙව්වට හොරුන්ගේ හොරා නිලධාරි බත්බැලයින් තවම ඉන්න බව මතක් කරගන්න.

:       3       5

සෙනෙවිරත්න Sunday, 12 January 2025 11:44 AM

තවම දීලා නැහැනේ. සූදානමක් ගැන සැකයක් තමයි... මේ මහත්මය මතු කරලා තියෙන්නේ. කුට්ටි පිටින් ගිලපු අය පත්කරගෙන ඒවා ගැන ඇහැක් ඇරලා නොබලපු අය අද කුට්ටිය යන තැනත් කියන්න දන්නා තරමට උනන්දුයි. කලිනුත් ඔය වගේ කළා නම් කෙහෙලියට නඩු වැටෙන්නේ නැහැ...

:       7       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 896 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 323 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 547 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 250 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 196 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 356 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 93 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1120 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site