
(ගයාන් සූරියආරච්චි)
පොලිස් හිස්වැසුම් නොමැතිව, කහට පැල්ලම් සහිතව බුලත්විට කමින් මහජනයාට අශෝභන ලෙස මාතර වැල්ලමඩම ප්‍ර දේශයේ ක්ෂණික මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි මාතර පොලිසියේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩතහනම් කළ බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙම නිලධාරීන් තිදෙනා මාතර මහ රෝහල අසල ක්ෂණික මාර්ග බාධක රාජකාරියේ යොදවා සිටියද එම නියෝගවලට පටහැනිව මාතර තංගල්ල මාර්ගයේ වැල්ලමඩම ප්‍රදේශයේ රැදී සිට ඇති බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී මාතර හම්බන්තොට දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා රාජකාරී කටයුත්තක් සදහා වැලිගම ප්‍ර දේශයට ගමන් කරමින් සිටියදී මෙම නිලධාරීන් තිදෙනා හිස්වැසුම් නොමැතිව කතාබහක යෙදී සිටින අයුරු දැක ඇති බව පොලිසිය පවසයි.
එම නිලධාරීන්ට ලබාදී තිබූ ස්වයංක්‍රීය ගිනි අවිය කිසිවකු අත තිබී නොමැති අතර එය ජංගම සංචාර රථය තුළ තිබෙනු දැක ඇති අතර රියැදුර වශයෙන් කටයුතු කළ කොස්තාපල්වරයා රියැදුරු ආසනයෙන් බැස එක් පාදයක් කැබ් රථයේ පිටුපස බඳ මත තබා නිල ඇදුමේ ගෞරවය නැතිවන ආකාරයට හැසිරී ඇති බව පොලිසිය පවසයි.
එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් එම නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කළ බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නම එපා ඕකුන්ට රස්සාව. හොඳට ජොබ් එක කරන අයටත් නිගාවක්. නියමයි තීන්දුව.