
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, ඉන්දිකා රාමනායක සහ කේ බුද්ධික කුමාරසිරි)
අවිස්සාවේල්ල ඉහළතල්දූවේ දී අද අලුයම සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූවන්ගෙන් ඒ අයකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසියි.
අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
යතුරු පැදියකින් ආ දෙදෙනකු ටී.56 ගිනිඅවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇති අතර වෙඩි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
වෙඩි පහරට ලක්ව මෙලෙස මියගොස් ඇත්තේ අංක 248/1 පරණ දුම්රිය පාර, තල්දූව අවිස්සාවේල්ල ලිපිනයේ පදිංචි කොට්ටාල බද්ද විදානලාගේ ධනුෂ්ක ප්‍රේමලාල් නැමති 38 හැවිරිදි පුද්ගලයෙක් සහ අංක 437/9, දංගොල්ල පාර තල්දූව අවිස්සාවේල්ල ලිපිනයේ පදිංචි 27 හැවිරිදි මේන ගීගනගේ ඉෂාර මධුෂාන් නැමති පුද්ගලයකි.
(ඡායාරූප: කේ බුද්ධික කුමාරසිරි)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.