
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දූනගහ ගොඩිගමුව මාර්ගයේ පිහිටි අවන්හලක ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලත් පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමේන් පසු මරණයට පත්ව ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ඉද්දගොඩැල්ල පදිචිකරුවෙකි.
මියගිය අයගේ බිරියට අවන්හලේදී සිදුවූ බව කියන සිද්ධියක් පිළිබදව විමසීමට ගිය අවස්ථාවේදී අවන්හලේ හිමිකරු හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු මෙම යුවළට පහරදි ඇතැයි මූලික පොලිස් පක්ෂණවලදී හෙලිවි ඇත.
තුවාලලත් බිරිය දිවුලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පැවැත්වේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මනුෂ්‍යත්වය, සහකම්පනය.. තිරිසන්නු හොඳයි මීට වැඩිය...
අවන්හලේ අයිතිකරු බේරිලා සේවකයෝ හිරේ යනවා. එච්චරයි. මේක සිරි ලංකාව...
පොඩි දේටත් මරාගන්නවා.
මට හිතෙනවා මෙතැන අපි නොදන්න තව පැත්තක් තියනවා කියලා...
පෙනෙනවා අපේ රට ලෝකයේ තියෙන තිරිසන්ම සමාජය බවට පත්වෙමින් යන බව නම් පෙනෙනවා. මහපාරේ නඩු අහන සමාජයකට පැවැත්මක් නැහැ. නමුත් වගකිවයුතු අය තවමත් මේවා ගැන නිසි අවධානයක් යොමුකර නැති හැඩයි පෙනෙන්නේ...