
(සුජිත් හේවාජුලිගේ )
නීතිපති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරනු ලැබ ඇති නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා එම තනතුරට පත් කරන්නේ දැයි කරුණු සලකා බැලීම සඳහා ව්‍යවස්ථාදායක සභාව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 13 වැනිදා බ්‍රහස්පතින්දා රැස් වන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ලංකාදීපයට පැවැසීය .
ව්‍යවස්ථාදායක සභාවේ තීරණය ජනාධිපතිවරයාට පසුව දැනුම් දෙනු ඇත .
නීතිපති ධූරය සඳහා ජනාධිපතිවරයා යෝජනා කර ඇති සංජය රාජරත්නම් මහතාගේ නාමය ජනාධිපති කාර්යාලය විසින් කතානායකවරයාට ඊයේ (6) බාරදෙනු ලැබීය .
නීතිපති ධූරයේ කටයුතු කරන දප්පුල ද ලිවේරා මහතා ලබන 20 වැනිදා විශ්‍රාම යෑමට නියමිත අතර නීතිපති ධූරය සඳහා ජනාධිපතිවරයා රාජරත්නම් මහතාගේ නම යෝජනා කර ඇත්තේ ඒ අනුවය .
COMMENTS
ගොට්ටෙක් නිසා යෝජනා කළා. ගොට්ටෙක් නිසා අනුමත කරාවි.
එතකොට වෙන කවුරුවත් යෝජනා වෙන්නැද්ද?
කොහොමටත් මේ තනතුරු වලට පත් කරන්නේ, පාලකයන්ට ඕන විදියට නටවන්ඩ පුලුවන් රූකඩ තමා.
එතුමගේ වර්තමාන තනතුර වැඩ බලන සොලිසිටර් ජනරාල් සහ අතිරේක සොලිසිටර් ජනරාල් විය යුතුයි.
ඕක වැඩක් නැහැ. ජනාධිපතිට ඕන කෙනා තමයි අනුමත වෙන්නේ.
තවත් ස්වාධීන නීතිපති කෙනෙක්...
ඉතින් බන් උබලත් මෙතන වැලලෙන්නෙ නැතුව උබල දන්න සුදුසු කෙනෙක් ඉන්නවනම් යෝජනා කරපල්ලකො අපිටහ් දැනගන්න. ඔන්න ඕක නිසා තමයි බන් අපේ හැමදේම දේශපාලනය වෙන්නෙ.
එතකොට අර සුන්දර සුකුමල ප්‍රකාශ නිකුත් කරන නෝනව අපිට ආයෙ දකින්න ලැබෙන්නෙ නැත්ද? අහෝ දුකකි.
තවත් තප්පුලන්නෙක්ගේ ආරම්භය...!!!
මොනවා තෝරන්නද? ඔහේ අනුමතයි.