IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


අලුත් අවුරුද්දේ ජාතීන් අතර සමගිය අවබෝධය ඇතිවේවා-විපක්ෂ නායක සම්පන්දන්

ජාතීන් අතර, සමඟිය, හොඳහිත,  අන්‍යයෝන්‍ය අවබෝධය ඇති වී,  සාමය හා සතුට පිරි රටක් ලෙස ඉදිරියට යාමට හැකියාව ලැබේවායි  විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරයි.

නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

‘‘ශ්‍රී ලංකාවාසී දෙමළ ජනතාවට පමණක් නොව, ලෝකයේ අනිකුත් රටවල්වල ජීවත් වන අපගේ දෙමළ ජනතාවට හා අප සමඟ එක්වී අලුත් අවුරුද්ද සමරන සිංහල ජනතාවට සුබ අලුත් අවුරුද්දකට සුබ පැතීමට ලැබීම සතුටට කරුණකි. 

අපගේ දෙමළ වර්ෂ හැටක් තිබේ. ඒ සියල්ලටම නමක්ද තිබේ.  එම වර්ෂ, වර්ෂාව, සුළඟ, කෘෂිභෝග යනාදී ස්වභාධර්මයේ ප්‍රතිඵල වෙනස් කළ හැකි ඒවා බවට විශ්වාස කෙරේ.  එම වර්ෂ  පිළිවෙලට අනුව 31 වෙනි වර්ෂය “ඒවිලම්බි”  ලෙස හඳුන්වයි.  ඒවිලම්බි වර්ෂය මෙම වසරේ අප්‍රේල් මස 14 වන අද දින උදාවේ.

අප ජනතාව සිය පව් හා දෝෂ ඉවත් වීම සඳහා අලුත් අවුරුදු දිනයේදී, ඖෂධ වර්ග, මල් වර්ග හා සුවඳ වස්තූන් මිශ්‍රකර හින්දු කෝවිල්වල පූජකවරුන් විසින් සාදනු ලබන ඔසු පැන් හිසේ ගල්වා නා පවිත්‍ර වී අලුත් වස්ත්‍රාභරණයෙන් සැරසී, ලොව පිළිගත් දෙවියෙක් ලෙස සැලකෙන සූර්යයාට නිවෙස්වල පොංගල් පිළියෙල කර පූජා පවත්වයි. ඉන් අනතුරුව, කෝවිල්වලට ගොස් ආගමික වතාවත්වල යෙදී, ගුරු, දෙමව්පියන් සහ වැඩිහිටියන් යන අයගේ ආශිර්වාදය ලබා, රසවර්ග හයකින් යුත් ආහාර අනුභව කර, සතුටින් ගත කිරීම පාරම්පරික සිරිතකි.  එම දිනයේදී එලෙස ක්‍රියා කිරීමෙන් උදා වූ නව වර්ෂය පුරාවට ජනතා සිත් තුළ සතුට හා ප්‍රබෝධය ඇති වෙතැයි බලාපොරොත්තු වෙති.  

ජනතා සිත් තුළ නව අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම නව වසර උදා වීමත් සමඟ සිදුවේ.  එම අපේක්ෂාවන් අතර, ප්‍රධානම වශයෙන් ඔඩු දුවා ඇති ජනවාර්ගික ගැටලුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙම වසර තුළ දී, විසඳුම් ලබා දීමට හැකියාව ලැබිය යුතු බවත්, එම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීමට අවස්ථාවක් කර ගත යුතු බවත්, ඒ තුළින් සත්‍ය සංහිදියාවක් ඇති කිරීමට මඟ පෑදිය යුතු බවත්, මෙම නව වසරේදී දේවාශිර්වාදය පතා අපි ප්‍රාර්ථනා කරමු.  එමෙන්ම දෙමළ ජනතාව දැනට මුහුණපා සිටින දුක, අපේක්ෂා භංගත්වය, හීල්ලීම හා කොන්කිරීම යනාදීයෙන් මිදී   ඔවුන්ගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන ආකාරයට රජය ක්‍රියාකළ යුතුය යන අපගේ ඉල්ලීම් මේ මොහොතේදී ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

මෙරටේ සිංහල ජනතාවත්, දෙමළ ජනතාවත්, එක්වී  පොදුවේ මෙම සිංහල, දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සතුටට කරුණකි. මෙම නව වසර සිංහල හා දෙමළ ජාතීන් ඉතා සතුටින් ගත කරන ආකාරයටම අනිකුත් සියලුම කටයුතු වලදී සහයෝගයෙන් කටයුතු කිරීමට සුදුසු වාතාවරණයක් මෙරට තුළ නිර්මාණය වී ජාතික සංහිදියාව ඇතිවීමට මෙම උදාවූ නව වසරේදී අපි ප්‍රාර්ථනා කරමු.

ඒ අනුව ජාතීන් අතර, සමඟිය, හොඳහිත,  අන්‍යයෝන්‍ය අවබෝධය ඇති වී,  සාමය හා සතුට පිරි රටක් ලෙස ඉදිරියට යාමට හැකියාව ලැබේවායි  උදා වූ ඒවිලම්බි නව වසරේදී අපි සැවොම ප්‍රාර්ථනා කරමු.  උදා වූ නව වසර වෙනුවෙන් ශ්‍රී ලංකා වාසී සියලුම ජනතාවට මම සුබ පැතුම් එක් කිරීමට කැමැත්තෙමි.‘‘



අදහස් (6)

අලුත් අවුරුද්දේ ජාතීන් අතර සමගිය අවබෝධය ඇතිවේවා-විපක්ෂ නායක සම්පන්දන්

chathura Wednesday, 12 April 2017 10:31 AM

මොකද්ද? මහත්තයෝ මේ සිංහල දෙමළ කතා. ලක්වාසී හැමෝටම කියන්නකෝ. අපි හැමෝම මිනිස්සුනේ .

:       2       105

de silva Wednesday, 12 April 2017 11:08 AM

ඔය සහජීවනය ගැන කියන්න විග්නේශ්වරන්ට එතකොට එයාගේ ප්‍රතිචාරය ශුද්ධ සිංහලෙන්ම ඔයාට අහගන්න ලැබේවි ...

:       0       95

kumar (galf) Wednesday, 12 April 2017 11:25 AM

මෙයා හැමදාම කරන්නේ හෝද හෝද මඩේ ආපසු දාන එකනේ....

:       18       438

ප්‍රීති Wednesday, 12 April 2017 03:19 PM

ජනතාව මුලා කරන දෙමළ අන්තවාදී දේශපාලකයෝ ටික නැත්නම්, ඔය කියන සහජීවනය ජනතාව අතර ඇතිවෙලා ගොඩක් කල්...

:       0       167

hasantha Wednesday, 12 April 2017 04:34 PM

තමන්ට කුට්ටියම ඉල්ලන ගමන් කියනවා සංහිදියාව ඇතිවේවා කියල. ඉස්සෙල්ල තමන් තමන්ටම අවංක වෙන්න.

:       0       64

අමිත් ෙපෙර්රා Thursday, 13 April 2017 03:17 AM

උඩිං සාමය යටිං ගින්දර අනේ

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 194 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site