(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

විවෘත වරෙන්තුවක් ලබා සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා අද දින පුත්තලම අධීකරණයට ඉදිරිපත් කිරිමේන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් ඉන්දික තෙන්නකොන් මහතා  නියෝග කළේය.

කල්පිටිය කුරිඤඤංපිටිය ප්‍රදේශයෙ පිහිටි අදාල රජයට අයත් ඉඩමේ මදර්සා පාසලකට ඉල්ලා තිබියදී එය රාජ්‍ය නොවන සංවිධානයක ෙ ගොඩනැගිලි ඉදිකරමින් තිබිම ගැන සොයා බැලිමට යාමේදි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා තම රාජ්‍ය නොවන සංවිධානයට අයත් භුමියට කඩා වැදි බලපැම් කළ බවට අදාල රාජ්‍ය නොවන සංවිධානය කල්පිටිය පොලිසියට පැමිණිලි කර තිබුණි.

එම පැමිනිල්ල මත කල්පිටිය පොලිසිය විසින් කල්පිටිය අධීකරණයට කරුණු වාර්තා කළේය.

අදාල චෝදනාව එල්ලවු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතාට ජූලි 8 දින මේ සම්බන්ධව කල්පිටිය අධීකරණයෙ පෙනි සිටින ලෙසට නොතිසි නිකුත් කර තිබුණ ද ඔහු අධිකරණයෙ පෙනි නොසිටිමේ චෝදනාවට වරෙන්තු නිකුත් කළේය. 

කෙසේවුවද සැකකාර මන්ත්‍රිවරයාට ලබන 22 යළි අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.